බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් සඳහා මිලිමීටර් 100 ට වැඩි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
උපදේශන කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය වැඩි වීමේ හැකියාවක් පවතින බවයි.
ඒ අනුව ගම්පහ, කෑගල්ල, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක අටක් සඳහා අධි අවදානම් මට්ටමේ (රතු) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.







