අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික අක්ෂි බැංකුව හොර ගුහාවක්? දන් දුන් ඇස් විකුණලා?

by Lanka Sara Editor
සැප්තැම්බර් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                                

 ජාතික අක්ෂි රෝහල තුළ සමාජ සත්කාර  මුවාවෙන් වසර 2011දී  ආරම්භ කළ අක්ෂි බැංකුව මේ වන විට විවිධ තැරැව්කරුවන් කෝනියා(Cornea) පෞද්ගලික රෝහල් වෙත සහ විදේශීය රටවල් වෙත අලෙවි කරමින්  මුදල් උපයන ආයතනයක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ  ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ආයතනය පිහිටුවීම සඳහා අනුමැතිය දි ඇත්තේ කවුරුන්ද යන්න පැහැදිලි වීමක් නැති අතර මෙය පාර්ලිමේන්තු පනතකින් හෝ විශේෂ චක්‍රලේඛයක් මගින් ආරම්භ කර ඇද්ද යන්න පිළිබඳ කිසිදු සටහනක් නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේ නමුත් මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගේ කැමැත්ත මත මිය පුද්ගලයන්ගෙන් ලබා ගන්නා (Cornea)  මෙම  බැංකුවට  පරිත්‍යාග කරනුයේ එය ආර්ථික අපහසුතා ඇති අක්ෂි රෝගීන්ට  නොමිලේ ලබා දීමේ අරමුණ ඇතිව බව අමාත්‍යංශ  ප්‍රකාශයකු පැවසුවේය.

කෙසේ නමුත් කිසිදු නීත්‍යනුකූල අවසරයකින් තොරව රජයේ රෝහල පරිශ්‍රයක් තුළ මෙවැනි අක්ෂි බැංකුවක් පිහිටුවීම සහ ව්‍යාපාර කටයුතු කිරීම  සම්බන්දයෙන් අක්ෂි බැංකුවේ කළමණාකරු ඇතුළු පාර්ශ්වයන්ගේ රෝහල් අධ්‍යක්ෂවරයා නිදහසට කරුණු විමසා ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

කරුණු විමසීමේ ලිපිය පසුගිය 2023.06. 26   අදාල පාර්ශ්වයන් වෙත යොමු කළ   නමුත් ඊට  අවශ්‍ය පිලිතුරු ලබා දීම සම්පූර්ණයෙන්ම සිදුකර නොමැති බැවින් සිහිකැදවීමේ  ලිපියක්ද පසුගිය 2023.06.13 වන දා                         නිකුත් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිහිකැඳවීමේ  ලිපිය තුළ පහත සදහන් කරුණු සඳහන් වේ.   

මෙම අක්ෂි බැංකු ආරම්භ කිරීමට අනුමැතිය ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳවත් එහි දැක්ම, මෙහෙවර සහ අරමුණ කෙසේද යන්න පිළිබඳ වාහාම පැහැදිලි කිරීම

මෙය පිහිටුවීමට පනතක් හෝ චක්‍රලේඛයක් තිබෙන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු වහාම ඉදිරිපත් කිරීම

ජාතික අක්ෂි බැංකුවේ දැනට සේවය කරන නිලධාරින් සහ එම නිලධාරීන්ට අදාල තනතුරු පිළිබඳ තොරතුරු කවරේද යන්න පිළිබඳ හා එම තනතුරු ඇති කිරිමට බලය ලබා දුන්නේ කවරෙක්ද යන්න පිළිබඳවත් අදාල පක්වීම් ලිපිවල පිටපත් සහිතව  ඉදිරිපත් කීරීම   

තවද අක්ෂි බැංකුවේ සේවය කරන නිලධාරීන් සදහා ගෙවන ලද වැටුප් අතිකාල දිමනා ගෙවීම සදහා අනුමැතිය ලබා දුන් ලිපිය පිළිබඳ තොරතුරු

 ඉහත සඳහන් කළ ප්‍රශ්න කිරිම්වලදී නිසි ලෙස පිළිතුරු නොලැබුණු බැවින්  2023.06.13 වන දින සිහිකැදවීමේ ලිපියද අධ්‍යක්ෂවරයා විසින් යොමු කරන ලද බව අමාත්‍යංශය ප්‍රකාශයෙකු පැවසුවේය. මේ අනුව සිහිකැඳවීමේ ලිපිය තුළ

 සමාජ සත්කාරයක් ලෙස හුවා දක්වමින් ආරම්භ කල අක්ෂි බැංකුවට පරිත්‍යාගයන් ලෙස ලබා දෙන  කෝනියා (Cornea) ලබා දෙන පරිත්‍යාගන් පෞද්ගලික අංශය වෙත හෝ විදේශීයරටවල් වෙත මුදලට අලෙවි කළේ කාගේ අනුමැතියක් ඇතිවද යන්න පිලිබදව

කෝනියා ඒකකයක් අලෙවි කිරීමට බලය හා අනුමැතිය ලබාදුන් ලිපිය හා ඒවා පෞද්ගලික රෝහල් වෙත සහ විදේශීය රටවල් වෙත අලෙවි කර උපයා  ගත් ආදායම කොපමණ යන්න පිළිබඳ ප්‍රශ්න කර ඇත.

එසේම වසර 2011 සිට 2023 මැයි 31  දක්වා කාලය තුළ උපයා ගත් ආදායව සහ මිලදී ගත් අමුද්‍රව්‍ය වෙනුවෙන් වැය කළ මුදල කවරේද යන්න පිළිබඳ කරුනු විමසා තිබේ.

 මේ සම්බන්ධයෙන් ලංකාසර ජාතික අක්ෂි බැංකුවේ කළමනාකාර මාරසිංහ මහතාගෙන් කළ විමසුමකදි ඔහු සඳහන් කළේ රෝහල් අධ්‍යක්ෂවරයා තමා කැඳවා ජාතික  අක්ෂි  බැංකුව සම්බන්ධයෙන් කිසිදු කරුණක් නොවිමසු බවත් එසේ විමසුවද ආයතන ප්‍රධානියාගේ අවසරයකින් තොරව  තමාට මාධ්‍යවෙත් අදහස් ප්‍රකාශ නිරිමට නොහැකි බවත්ය.

අක්ෂි බැංකුව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේද යන්න පිළිබඳ හෝ තමා නොදන්නා බවත් හෙතෙම පැවසුවේය.

කෙසේ නමුත් මෙම සමාජ සත්කාර ආයතනය එදා මෙදා කාලය තුළ කිසිදු ව්‍යාපාරික කටයුත්තක් සිදුකර නොමැති අතර සිදුකර ඇත්තේ සමාජ මෙහෙවරක් පමණක්  බවද හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම සහිත කුකුල් මස් කිලෝවක් අද සිට රුපියල් 1250යි

Next Post

ඉන්දියා පකිස්ථාන් තරගය වැස්සට සේදී යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.