සමුම්තියේ ගමන ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම අද (19) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළහ.
අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එහිදී කියා සිටියේය.
අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වැදීමට තීරණය කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ මොහොතේ රටේ ජනතාවත් වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත් බව පැවැසූ ඩලස් අලහප්පෙරුම මේ රටේ දේශපාලනයට සැබෑ නව සංස්කෘතියක් හඳුන්වා දීම වෙනුවෙන් කැපවන බව ද ඔහු පැවසුවේය.
මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්, දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යාමත් උදෙසා කැප වෙමින් මෙම තීන්දුව ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.
මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල් ඵල ගැන්වීම තමයි ඒකායන පරමාර්ථය බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් ඇප කැප වෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම උදෙසා පැවැත්වෙන ඡන්ද විමසීම හෙට පැවැත්වෙන අතර එහිදී සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සහයෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කරනු ලැබීය.
එම විශේෂ ප්‍රකාශය පහත දැක්වේ…









