සමලිංගික ලිංගික ක්‍රියාකාරකම් අපරාධයක් ලෙස දක්වමින් මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීතිමය ප්‍රතිපාදන සංශෝධනය කරන්න යැයි ඉල්ලමින් පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාවේ සමරිසි පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පළමු වැනි ගුණ සමරුව වෙනුවෙන්, ඊයේ (23) කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිනි.
කෙනෙකුට තමන්ගේ ලිංගික කැමැත්ත තීරණය කිරීමේ නිදහස සුරැකීම වෙනුවෙන් අඛණ්ඩව සටන් කළ මංගල සමරවීරට උපහාරයක් ලෙස පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට බාර දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ අස්වාභාවික වැරදි පිළීබඳ 365 සහ 365 (අ) වගන්ති මන්ත්‍රී දොලවත්තගේ පනත් කෙටුම්පත මඟින් සංශෝෙධනය කිරීමට යෝජනා කෙරේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 360 වැනි වගන්තිය වන ‘ඕනෑම පිරිමියෙකු, ස්ත්‍රියක් හෝ සතෙකු සමඟ ස්වභාවධර්මයේ අනුපිළිවෙලට එරෙහිව ස්වේච්ඡාවෙන් කරන සංසර්ගයන් අස්වාභාවික වරදක් ලෙස සැලකෙන අතර 365 (අ) වගන්තියෙන් ‘පුද්ගලයින් අතර දරුණු අශෝභන ක්‍රියාවන්ට’ දඬුවම් කරයි.