අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේනපුර කඳවුරේ දැන් සිදුවන්නේ කුමක් ද?… පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජනරාල් පැහැදිලි කරයි….

by editor
අගෝස්තු 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සේනපුර  පුනරුත්ථාපන වෘත්තිය පුහුණු හා සාක්ෂරතා මධ්‍යස්ථානය ආරම්භ කෙරුණේ කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සමගාමීවය. රටේ නන් දෙසින් මත්ද්‍රව්‍ය මත් කුඩු වලට ඇබ්බැහි වූවන් උසාවි නියෝග මත පුනරුත්ථාපනය කිරීම සඳහා ප්‍රථමයෙන් යොමු කරනු ලබන්නේ කන්දකාඩුව ට ය. කන්දකාඩුවේ මාස හයක ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබන රැඳවියන් අනතුරුව යොමු කරනු ලබන්නේ සේනපුර සාක්ෂරතා සහ වෘත්තීය පුහුණු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ය.

මෙම මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය කරනු ලබන්නේ  ධරුණු ගණයේ  කුඩු සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්ය. මොවුන් මෙම මධ්‍යස්ථාන වෙත නීත්‍යානුකූලව යොමුකොට පුනරුත්ථාපනය කිරීම සඳහා වසරක කාලයක් ගත කරන විට එහි පාඩුව අත්විඳින්නේ රටේ ප්‍රභූ පැලැන්තියේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ය.

පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ  සිටින රැඳවියන් සමඟ බාහිර කිසිදු පුද්ගලයෙකුට සම්බන්ධතාවයක් ඇතිකර නොගත හැකි පසුබිමක් සකස් කර තිබුණද විවිධ මාර්ග ඔස්සේ බාහිර සමාජයේ සිටින ජාවාරම්කරුවන් කඳවුරු තුළ සිටින පුනරුත්ථාපනය ලබන රැඳවියන් සමග සම්බන්ධතා පවත්වන බවට විවිධ අවස්ථා වලදී තොරතුරු අනාවරණය වී තිබිණි තවද බාහිර සමාජයේ අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවන්ට සහය දක්වන පිරිස් පුනරුත්ථාපනය වීම හරහා ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට ප්‍රබල බාධාවක් වී ඇති බව ද දැන ගන්නට තිබිණි.

ඒ සමගම රජය මගින් පවත්වාගෙන යනු ලබන මෙවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සේවය හා කාර්යභාරය මත පෞද්ගලික මට්ටමින් මුදලට පවත්වාගෙන යන පුනරුත්ථාපන කඳවුරුවලට විශාල අර්බුදයක් ඇතිවන බවට ද තොරතුරු අනාවරණය විය.  එවන් පසුබිමක් තුළ ඊයෙ (23) නැවත සේනපුර වෘත්තීය හා සාක්ෂරතා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අරගලකාරී ස්වරූපයක් දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගෙන්  විමසුවෙමු.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔහු කී කතාව මෙසේය.

පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාම මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි

“. සේනපුර වෘත්තීය පුහුණුව ලැබූ රැඳවියන් 125 දෙනෙකු ඉකුත් සතියේදී සමාජයට මුදා හැරීමට අපට හැකියාව ලැබුණා. මේ වන විට තුන්සියයකට ආසන්න පිරිසක් තවමත් පුහුණුව ලබමින් සිටිනවා ඔවුන් ඉල්ලා සිටින්නේ පවතින ආර්ථික තත්ත්වයන් තුළ සිය නිවාස වල වෙසෙන පවුලේ සාමාජිකයින් දැඩි අපහසුතාවයන්ට ලක් ව සිටින බවත් ඔවුන් වෙනුවෙන් මුදල් හම්බකර ජීවත් වීමට පහසුකම් සලසා දීම සඳහාත් සේනපුරෙන් වහාම පිටව යා යුතු බවයි.

මේ තත්ත්වය එකවරම ඇති වූයේ නෑ. වෘත්තිය පුහුණු ලබන රැඳවියන් අතරින් සුළු කොටසක් බාහිර සමාජය සමඟ සම්බන්ධතා ඇති කර ගනිමින් විවිධ දෑ  එම ස්ථානය තුළට ගෙන්වා ගැනීමට විවිධ උපක්‍රම යොදා තිබුණා. ඒ සඳහා ඇතැම් අවස්ථාවල සුළු දඬුවම් ලබා දීමට පවා සිදුව තිබුණා එවන් අවස්ථාවක පිරිසක් එක්ව වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිරිපස ගේට්ටුව අසලට ගොස් විරෝධතාවයක් පවත්වමින් ඔවුන්ට මෙයින් පිටව යායුතු බවට උද්ඝෝෂණය කරන්නට ඊයේ කටයුතු කොට තිබුණා. කන්දකාඩු සිදුවීමෙන් පන්නරයක් ලබා සිටින අප මේ අවස්ථාවේ පොලිසිය කැඳවා රැඳවියන්ගේ ආරක්ෂාව තර කරන්නට කටයුතු කළා. මේ මොහොත වනවිටත් සේනපුරට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා

රැඳෙවියන්  ප්‍රධාන ගේට්ටු වලින් පැන යන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් ඉන් පිටව යාමට ඉඩ ලබාදෙන ලෙසයි.   ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැඳවියන් භාරගන්නේ උසාවි නියෝග මත. සේනපුරෙන් මොවුන් මුදාහැරීම  සිදුවන්නේත් උසාවි නියෝග මත ම පමණයි.

කවුරු කෙසේ කුමක් කිවත්  පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළට රැඳවියන් ඇතුළු කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීවිතවල වගකීම තිබෙන්නේ අපටයි. එහෙයින් නීත්‍යනුකූල ලෙස වෘත්තිය පුහුණු ලබාදීමෙන් අනතුරුව මේ පිරිස් නිවෙස් කරා යැවීමට කටයුතු යොදන්න අපට සිදුවෙනවා. කවුරු කෙසේ කුමක් කීවත් ඒ සියල්ල සිදුවන්නේ නීත්‍යානුකූලව පමණයි.

කදවුර තුළ කෑම හිඟයි ස්නානයට පහසුකම් නැහැ පීඩාකාරී තත්ත්වයක් පවතින්නේ කියන කාරණා සියල්ලම මා ප්‍රතික්ෂේප කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමලිංගික චර්යාවන් අපරාධයක් සේ සලකන නීතිය වෙනස් කරන්න පනත් කෙටුම්පතක්!

Next Post

සනීපාරක්ෂක කම්කරු උපාධිධාරීන්ගේ තනතුරු නාම වෙනස් වේ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.