සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා පත් කර තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව අද පස්වරුවේ දී නිකුත් කරනු ලැබුවේය.
සමගි ජන සන්ධානයට ජාතික ලයිස්තු මන්ත්‍රීධූර පහක් හිමි වි තිබිණි. එම මන්ත්‍රී ධූර පහ වෙනුවෙන් සන්ධානයේ පක්ෂ හතරක් මන්ත්‍රී ධූර ඉල්ලිම් කර තිබිණි. මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා සිය අභිලාෂය රටට ප්‍රකාශ කළේය.
ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙන්ම ජාතික කම්කරු සංගමය ද එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය බැගින් ඉල්ලා තිබිණි. මේ අතර සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා මෙන්ම සභාපතිවරයා ද ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂාවෙන් පසුවේ.







