සදුදා ජනාධිපතිවරයා සමග පැවැත්වූ රැස්වීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් 45 දෙනාගෙන් සහභාගී වී තිබුණේ 28 දෙනෙක් පමණක් බව වාර්තා වේ.
වාර්තාවන පරිදි මෙම රැස්වීම සඳහා පොහොට්ටු දිස්ත්‍රික් නායකයින් ලෙස පැමිණ ඇත්තේ ප්‍රසන්න රණතුංග ,රමේශ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ , තේනුක විදානගමගේ, කපිල අතුකෝරාල, පවිත්‍රා වන්නආරච්ච් පමණි.
එහිදී කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට අමතරව රැස්වීමට එක් වී සිටියේ තේනුක, විදානගමගේ , කපිල අතුකෝරාල හා මහින්දානන්ද අළුත්ගමගේ යන දිස්ත්‍රික් නායකයින්ය
විනාඩි 05කට ආසන්න කාලයකින් නිමා වූ එම රැස්වීම ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය මත නොව, පොහොට්ටු ඇමතිවරයකු හා මන්ත්‍රීවරයකුගේ උවමනාවට හා ඉල්ලීම මත සිදුකළ එකක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
නිසි ක්‍රමවේදයට අනුව බදාදා රැස්වීමක් කැදවන බවත් ඒ සඳහා පැමිණෙන ලෙසත් ජනාධිපතිවරයා පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන්ට එදින දැන්වූ බවත් අද රැස්වීම පැවැත්වූයේ ඒ අවබෝධය මත බවත් පොහොටු ජ්‍යෙෂ්ඨයෙක් ලංකාසරට පැවසීය.
මෙම රැස්වීම සංවිධානය කල ඇමතිවරයා පවසා ඇතතේ රාජ්‍ය අමාත්‍යවරුන් ආණ්ඩුවට එරෙහිව කතා කරන බවත් ඒවාට ක්‍රියාමාර්ග ගතයුතු බවත්ය.
වාර්තාවන පරිදි ජනාධිපතිවරයා එයට ප්‍රතිචාර දක්වා නොමැත.







