යම් ක්‍රිඩකයකු යම් ක්‍රීඩාවකින් දිගින් දිගටම අසමත් වන්නේ නම් එම ක්‍රීඩකයාට වෙනත් ක්‍රීඩාවක් තෝරාගැනීමේ සංවර බවක් තිබිය යුතු බවත් මෙලෙස අසමත් වූ ක්‍රිඩකයා යළි යළිත් එම ක්‍රිඩා කණ්ඩායමේ අදාළ රැස්වීම්වලට පැමිණෙන්නේ නම් එයින් සිදුවන්නේ නායකයාද අපහසුතාවකට පත් වීම බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ හිටපු සුපිරි ක්‍රිඩක සනත් ජයසූරිය සිය ට්විටර් සමාජ ජාල ගිණුමෙන් පවසයි.
When players FAIL repeatedly and are dropped from a team they should have the decency to take up another sport instead of coming for team meetings and embarrassing the new captain ! #GotaGoHome pic.twitter.com/6phhLoY4ji
— Sanath Jayasuriya (@Sanath07) June 19, 2022
පසුගිය රජයක නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසින්ද කටයුතු කර ඇති සනත් ජයසූරිය මේ බව ප්‍රකාශ කරන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන් නොවන බව පැහැදිළි වන්නේ ඔහු එම ප්‍රකාශය සමඟ පළ කර තිබූ ඡායාරූපය අනුවය.
ඔහු මේ ප්‍රකාශය සමඟ පළ කර තිබුණේ ඊයේ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ත්‍රි රෝද රථ රියදුරන් සමඟ කළ සාකච්ඡාවේදී ඔහු සමඟ ඊට සහභාගී වූ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සමඟ සිටින ඡායාරූපයක් සමගිනි.
මේ වනවිට අමාත්‍ය ධුරලින් ඉවත්ව සිටින නාමල් රාජපක්ෂ, විජේසේකර ඇමතිවරයා සමඟ මෙම රැස්වීමට සහභාගී වීම බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ අතර ඒ පිළබඳව විවිධ අදහස්ද සමාජ මාධ්‍ය තුළ පැතිරිණ.