ලලිත් චාමින්ද –
ඉන්ධන නොලැබීම නිසා හෙට (20) දින සිට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බැව් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානයේ උත්තර පත්‍ර පරීක්ෂකවරු පවසති.
ඉන්ධන නොලැබීම නිසා තමන්ට ඇගයීම් මධ්‍යස්ථානයට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නොහැකි වීම නිසා මෙම තීරණය ගත් බවද උත්තර පත්‍ර පරීක්ෂකවරු පවසති .මේ පිළිබඳ ඇගයීම් මධ්‍යස්ථානයේ පරිපාලක වෙත ලිඛිතව දැනුම් දුන් බැව් මෙකී ඇගයීම් මධ්‍යස්ථානයේ ප්‍රධාන පරීක්ෂකවරියක් වන කේ යු.ආර්.එස් සුභාෂණ සඳහන් කළාය .
උත්තර පත්‍ර පරීක්ෂක මහත්ම මහත්මීන්ට ඉන්ධන ලබා ගැනීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ඉන්ධන පිරවුම්හල හිමියන්ට දැනුම් දී ඇතත් එය ක්‍රියාත්මක නොවන බව උත්තර පත්‍ර පරීක්ෂකවරු පවසති. තමන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා නිශ්චිත ඉන්ධන පිරවුම්හලක් නම් කොට වේලාවක් ලබා දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.