“ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන“ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇත.
මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස සමග ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී මෛත්‍රීපාල සිරිසේන මේ බව පවසා තිබේ. මේ අවස්ථාවට සිවිල් සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් ද එක් වී සිටියහ.
ශ්‍රී ලංකාව ශක්තිමත්ව ගොඩනැගීම සඳහා වහාම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට යා යුතුව ඇති බව මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පෙන්වා දී තිබේ.
රට මුහුණ දී ඇති වත්මන් සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදවලින් ගොඩඒමට නම් සියලුම පාර්ශව එක්ව හැමෝටම පිලිගත හැකි දේශපාල ප්‍රතිසංස්කරණයකට යා යුතු බව මෙහිදී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත.
සියලු දෙනාගේ මතවලට ඇහුම්කන් දෙන සමාජ ප්‍රතිසංස්කරණයකින් රට ගොඩනැගිය හැකි බවත් ඒ සඳහා ප්‍රගතිශීලී පක්ෂවල යෝජනා සහ අදහස්වලට තමා ඇහුම්කන් දෙන බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා ඇත.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ ප්‍රධානීන් ද, ඊට අනුබද්ධිත පක්ෂවල නායකයින් ද, වික්ටර් අයිවන්, ගාමිණී වියන්ගොඩ, කේ.ඩබ්ලියු ජනරන්ජන, රොහාන් සමරජීව ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.