දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ පුනරීන් ධීවරයින්ට මුහුදු යාම සඳහා ඔවුන්ගේ බෝට්ටු වලට ඉන්ධන නොමැති නිසා ධීවරයින් කීප දෙනෙකු ඔවුන්ගේ බෝට්ටුවලට සාමාන්‍ය රෙදි වලින් රුවල් යොදා මසුන් මැරීමේ කටයුතු වල නිරතව සිටිනු දක්නට ලැබුණි.
ඉතා ප්‍රාථමික ලෙස නිර්මාණය කොට තිබූ එම රුවල් බෝට්ටු වලින් මහ මුහුදේ ඈත දුරක් ගොස් මසුන් මැරිමට නොහැකි නමුත් පුනරීන් කලපුව හා ඒ ආසන්න ගැඹුරු නොවන මුහුදේ මසුන් මරා එදාවේල පිරිමසා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.
එක් බෝට්ටුවක ධීවරයින් දෙදෙනෙකු බැගින් ගමන් කරමින් හබල් ගාමින් රුවලේද සහය මත ඔවුන් මසුන් මැරීමේ නිරතව සිටින්නේ කිළිනොච්චිය පුනරීන් ප්‍රදේශයට භූමිතෙල් ලැබෙන දිනයක් පිළිබදව දැනුම් දීමක් තවමත් නොමැති නිසාය.