දිනසේන රතුගමගේ –
අවසන් යුද සමයේදී ආරක්ෂක අංශ වෙත බාර දීමෙන් පසුව අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 15 දා ලබා දෙන බව එම නඩුව වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.රත්නවේල් ඊයේ (4 ) වවුනියාවේදී පැවසීය.
උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සෂිහරන් විසින් සිය සැමියා වූ එස්.එළිලන් හා තවත් පිරිසක් අතුරුදන් වීම අහම්බයක් නොව සිතා මතා සිදු කරන ලද්දක් බව කියමින් හබයාස්කෝපස් පනත යටතේ නඩු 14 ක් මුලතිව් අධිකරණයේ ගොනු කොට තිබුණි.
කාලයක් එම නඩු විභාග වීමෙන් පසුව ඉදිරියටත් එම නඩු විභාග කිරීම සදහා වවුනියාව මහාධිකරණය වෙත එම නඩු මාරු කිරීමෙන් පසුව වසර හතරකට වඩා වැඩි කාලයක් එම නඩු වවුනියාව මහාධිකරණයේදී විභාග වුනි.
මෙවර පැවති නඩු වුභාගයෙන් පසුව වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංචෙලියන් ප්‍රකාශ කොට ඇත්තේ එම නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 15 වෙනිදාට ලබා දෙන බව යැයි නඩුව වෙනුවෙන් පෙනීසිටින නීතිඥ එස්.රත්නවේල් පැවසීය.