අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීම පාර්ලිමේන්තු කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිටවූ දැවැන්ත ගාලගෝට්ටියක් ගර්භය තුළ නිර්මාණය කළේය.
පාර්ලිමේන්තු සැසිය ආරම්භ වී අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සිටින අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සභාවාරය සඳහා පැමිණියේය.
පැමිණ අගමැතිවරයාට නුදුරු අසුනින්න අසුන් ගත්තේය.
ඒ සමගම විපක්ෂයේ මන්ත්‍රීවරු ගෝඨා ගෝ හෝම් සටන් පාඨය ආරම්භ කළේය. මුලු පාර්ලිමේන්තු ගර්භයම ගෝඨා ගෝ හෝම් හඬින් ගිගුම් දුන්නේය.
මේ වනවිට කතානායකවරයා දැඩි ආතතියකින් සිටින බව පෙනුනි. ජනාධිපතිවරයා ද සිටියේ නොසන්සුන්වය. කතානායකවරයා කර කියා ගත හැකි දෙයක් නොවුන ආකාරයෙන් ගල් ගැසී සිටියේයය.
ඒ සමගම එස්බී දිසානායක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ගෝඨාභය ජනාධිපතිවරයා අසලට පැමිණියේය. ඔවුහු වී වොන්ට් ගෝඨා ලෙස සභාවේ කෑ ගසන්නට වූහ.
මේ අතර දිනේෂ් ගුණවර්ධනගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කෙටි සාකච්ඡාවකින් අනතුරුව අගමැතිවරයා දිගටම සිය කතාව කරගෙන ගියේය.
විපක්ෂය ගෝ හෝම් ගෝඨා කියන්නේය. ආණ්ඩු පක්ෂය වී වොන්ට් ගෝඨා කියන්නේය. කතා නායක කම්පනයෙන් බලා ඉන්නේය. ජනාධිපතිවරයා වික්ෂිප්තව සිටින්නේය.
මේ අතර කතානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබුවේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය පාර්ලිමේන්තුවෙන් පලවා හැරිය බව ලියා තිබුණේය.
https://www.facebook.com/harshadesilvamp/videos/833283477657230