සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබට එනවා… හැබැයි සජිත් බස් බෙදන්න සල්ලි දුන්න විදිහ කියන්න ඕන…. ජනපති නුවරදී කියයි!

බලය දෙන විට බලය ගන්න බැරි මිනිහා යූඑන්පී කාරයෙක් නෙමෙයි... ජනපති පවසයි

by editor
ජූලි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සජබ සමඟ එකතු වී දූෂණයට විරුද්ධව සටන් කරන්න තමා සූදානම් නමුත් ඊට එක් කොන්දේසියක් තිබෙන බවත් සජිත් ප්‍රේමදාස පාසල්වලට දෙන බස් රථ ගන්නට සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බවත් රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන “එක්ව ජයගමු” මහජන රැලි මාලාවේ දෙවැනි රැලිය අමතමින් ජනාධිපතිවරයා ඊයේ (14) මහනුවර දී මේ බව පැවැසීය.

මහනුවර පොදු වෙළෙඳපොළ සංකීර්ණය ඉදිරිපිට දී පැවැත්වුණු මෙම ජනරැලිය පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් සංවිධානය කරනු ලැබීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ දැ පැවසුවේය.

ලෙව්කේ රත්වත්තේ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක්. ලොහාන්ට ඒ පින තිබුණේ නැහැ. අද ලොහාන් සහ මම එක වේදිකාවේ ඉන්නවා.ඒ රට බේරාගැනීමේ ශක්තිය අපට තිබෙන නිසයි. අපි මව් රටට ආදරය කරන නිසා අපේ පක්ෂයටත් අප ආදරය කරනවා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එදා කුඩා අවදියේ අනුර බණ්ඩාරනායක සමඟ සෙල්ලම් කරන්න යන විට බණ්ඩාරනායක මහතා අප සමඟ කතා කරනවා. අප හැදුනේ එහෙම.

රට අමාරුවේ වැටුණු මොහොතක අප කරන්නේ කුමක්ද? කඳුකරයේ ද්‍රවිඩ අයට පුරවැසිභාවය දුන්න සාකච්ඡාවේ දී 1963දී බණ්ඩාරනායක මැතිනිය ඩඩ්ලි සේනානායක සමඟ ඉන්දියාවට ගිහින් ඒ ගිවිසුම අත්සන් කළා. ඔවුන් එහි දී රට ගැන සිතා තීරණ ගත්තා. 1971දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විපක්ෂ නායක ලෙස ඒ කැරැල්ල මැඬලීම සඳහා තම සහාය තිබෙන බව බණ්ඩාරනායක මැතිනියට කිව්වා. එක්සත් ජාතික පක්ෂය අප පුහුණු කර තිබෙන්නේ ඒ ආකාරයටයි. රට ගැන හිතා වැඩ කරන්න හැම විටම කටයුතු කරනවා. බලය ගන්න කිව්වොත් බලය ගන්නැයි ජේ.ආර්. අපට කියා තිබෙනවා. බලය දෙනකොට බලය ගන්නේ නැත්නම් ඒ මිනිහා යූඑන්පී කාරයෙක් නෙමෙයි. මුලින්ම රට ආරක්ෂා කළ යුතුයි.

මම මේ රට භාරගත්තේ අමාරු කාලයක. ජේ.ආර්. සමඟ රණසිංහ ප්‍රේමදාස සමඟ වැඩ කළ නිසා මා විශ්වාසය ඇතිව රට භාර ගත්තා. පොහොට්ටුව මට සහයෝගය දුන්නා. මට කොච්චර හොඳ අදහස් තිබුණත් තනිව වැඩ කරන්න හැකියාවක් නැහැ. මූල්‍ය අරමුදල සමඟ කතා කරලා ගෝඨාභය රාජපක්ෂ ජනපතිට කීප වතාවක් එදා උපදෙස් දුන්නා. පොහොට්ටුවේ වැඩි දෙනෙක් මට සහාය දුන්නා. එහිදී පොහොට්ටුව කැඩිලා කොටසක් ගියා. රජ්ජුරුවෝ සමඟ බහුතරය හිටියා. සට්ටම්බිරාළ සමඟ සුළුතරය ගියා. දැන් රජ්ජුරුවෝ නරකලු. සට්ටම්බිරාළ හොඳලු. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි.

රාජපක්ෂලා ආරක්ෂා කරන්න මට වුවමනා නැහැ. මම මේ රටේ ආරක්ෂා කර තිබෙන්නේ රණසිංහ ප්‍රේමදාස පමණයි. දෝෂාභියෝගය ගෙන එද්දී මුලින්ම ඉදිරියට ආවේ මමයි. වෙන කිසිවකුත් ආරක්ෂා කර නැහැ.

මම ආවේ ඩී.එස්. සේනානායක උරුමයෙන්. ඩඩ්ලි උරුමයෙන්. සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග උරුමය ඇතිවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ උරුමය ඇතිවයි.

අප රට බේරගන්න එකට එකතු වෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සිටි සැමටම ආරාධනා කරනවා. මම දැන් රට බේරාගෙන තිබෙනවා.

දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න ඕනලු. සජබෙ එක්ක එකතුවෙලා දූෂණයට විරුද්ධව සටන් කරන්න මා සූදානම්. හැබැයි එක කොන්දේසියක් තිබෙනවා. පාසල්වලට දෙන බස්වලට සල්ලි දුන්නේ කවුද කියා කියන්න.

සජිත් ප්‍රේමදාස රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන්නම්. අපි ඔක්කොම එකම ගමනක් යමු. එදා තෙල්, කෑම තිබුණේ නැහැ. අද ඒ සියල්ල තිබෙනවා. ඩීසල් තිබෙන නිසා බස් ගෙනත් පාසල්වලට දෙන්න පුළුවන්කම තිබෙනවා. අප එකතු වුණේ රට බේරාගන්න. එකට වැඩ කරපු නිසා වසර දෙකෙන් මෙතනට පැමිණ තිබෙනවා. දැන් අපි ටිකෙන් ටික බංකොලොත්භාවයෙන් එළියට එනවා. නමුත් ගමන අවසන් නැහැ.

මූල්‍ය අරමුදල, අපට ණය දෙන රටවල් ගණනාවක් මෙන්ම අපට ණය දෙන බැඳුම්කරුවන් අපගේ කොන්දේසිවලට එකඟ වී තිබෙනවා. ඒ කොන්දේසි මාරු කරන්නට දැන් හැකියාවක් නැහැ. මේ කොන්දේසි සමඟ එකඟ නම් අප සමඟ එන්න. මේ ක්‍රමය අතහැරියොත් අප නැවත පහළට වැටෙනවා. අපට ආනයන ආර්ථිකයක් වෙනුවට අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි.

දළ දේශීය නිෂ්පාදනය අද ඩොලර් මිලියන 85යි. 2028 වන විට එය 350ක් බවට පත් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය යන මේ වේගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟයි. සජබෙ මේ වේගය එපා කියන්නේ ඇයි?

අපි ඒ ගමන යා යුතුව තිබෙනවා. මහනුවර ජනතාව හැමදාම මා සමඟ ඉන්නවා. අප බෝගම්බර හිල්ටන් හෝටලයක් දාන්නට යනවා. පැරණි තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ ටාජ් හෝටලයක් දානවා. ඒවා කතා කරගෙන ඉවරයි. මහනුවර දකුණ ඩිපෝව ඉවත්කොට එතනත් හෝටල් ඉදිකරනවා. ඒ ආකාරයට හෝටල් පහක් ඉදිකරනවා.

මහනුවර නගරය කුණ්ඩසාලේ දක්වා ව්‍යාප්ත කිරීමට ජපානය අපට ආධාර කරනවා. කොත්මලේ දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලය ඉදිකරනවා.

එමෙන්ම උරුමයේ ඉඩම් අයිතිය දෙමින් සිටිනවා. වතුකරයට නව ගම්මාන ලබා දෙනවා. එමෙන්ම අධිවේගී මාර්ගය ජපන් ආධාර ඇතිව කටුගස්තොට දක්වා ගෙන එනවා. අපි එකතුව මේ ගමන යමු. මේක අත්හරින්න බැහැ. අපි සියලු දෙනා එක්ව රට වැටෙන්නට ඉඩ නොදී ඉදිරි ගමන යමු.

සජබෙට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටත් ඒ ගමන යන්නට එන්නැයි ආරාධනා කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිහින්තලේ රෝහලෙන් ලබා දුන් එන්නතක් විස වේ… පාසල් දරුවන් 11කට අසාධ්‍යයයි!

Next Post

පාස්කු වන්දිය ගෙවන්න කල් දෙන්න බෑ… මිලියන 100ක වන්දිය අගෝස්තු 30ට පෙර ගෙවන්න… ශ්‍රේෂ්ඨාධිකරණය සිරිසේනට නියෝග කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.