ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටද මේ වනවිට ඉන්ධන මිල වැඩි කිරීමට අවශ්‍යතාව තිබුණද රජය ඊට අවසර ලබා නොදෙන්නේ තවමත් ඩීසල් සහ පෙට්‍රල් සඳහා පෝලිම් පවතින නිසා බවත් ගෙන්වූ තෙල් හැකි ඉක්මනින් නිදහස් කොට එම පෝලිම් අවසන් කිරීටමන් පසුව වහාම තෙල් මිල වැඩි කිරීමේ සූදානමක් රජයට ඇති බව සමගි ජනබලවේග ඛනිජ තෙල් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා ලංකාසර ට පැවසීය.
මේ වනවිට පවතින තත්ත්වය මත ඛනිජ තෙල් සංස්ථාවේ බලධාරීන්ට අවම වශයෙන් පෙට්‍රල් රුපියල් 60ත් 70ත් අතර මිලකින්ද, ඩීසල් රුපියල් 80කින්ද වැඩි කිරීමට අවශ්‍යතාව පවතින බවත් සුපර් ඩීසල් සහ ඔක්ටේක් 95 පෙට්‍රල් රුපියල් 50කින් මිල ඉහල නැංවීමට ඔවුන්ට අවශ්‍යතාවක් පවතින බව ඒ මහතා සඳහන් කළේය.
ඔහු විශ්වාසය පළ කළේ මේ වනවිට දිවයිනට පැමිණ ඇති තෙල් නැව් ගොඩබෑමෙ සහ බෙදා හැරීමෙන් පසුව පවතින හිගය මඟ හැරෙනු ඇති අතර ඒ සමඟම ඉන්ධන මිල වැඩි කිරීමට රජය කටයුතු කරනු ඇති බවත්ය.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා අයි.ඕ.සී සමාගම අලෙවි කරන පෙට්‍රල් රුපියල් 50කිනුත් ඩීසල් රුපියල් 75කිනුත් ඉහළ දැමූ අතර මේ වනවිට සිපෙට්කෝ සහ අයි.ඕසී මිල පරතරය ඉතා දැඩි බැවින් පවතින මිල තත්ත්වය තුළ වැඩි වැඩියෙන් ඛනිජ තෙල් සංස්ථා ඉන්ධනහල් වෙත පැමිණීමේ ප්‍රවණතාවක් නිර්මණනය වී ඇති අතර මේ තත්ත්වය තුළද වෙළෙඳපොළ දැඩි අක්‍රමවත් සහ අසමතුලිත් බවක් නිර්මාණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳව කළ විමසීමකදී ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ දිගින් දිගටම මිල වැඩි කිරීම සඳහා සංස්ථාව රජයෙන් අවසර ඉල්ලා ඇති නමුත් මෙතෙක් එම අවසරය ලැබී නොමැති අතර දැඩි අලාබදායී පසුබිමක් මත මෙම මෙහෙයුම කටයුතු සිදු කිරීමට සිදුව ඇති බවය.