ශ්‍රි ලංකාව මුහුණ දී ඇති තාවකාලික දුෂ්කරතාවලින් රජයත් එහි වැසියනුත් ජය ගනු ඇති බවට චීනයට විශ්වාසයක් පවතින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක සාහෝ ලින්ජියාන් පවසා ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ පෙරේදා බෙයිජිං හි දී පැවැති විදේශ අමාත්‍යංශ සුපුරුදු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් ශ්‍රි ලංකාව පිළිබඳව අසන ලද පැනයකට පිළිතුර දෙමිනි.
එම මාධ්‍යවේදියා විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයාගෙන් විමසා ඇත්තේ මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයක සිටින හ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා චීන විදේශ අමාත්‍යවරයාගෙන් පසුගියදා ඉල්ලා සිටි චීන ණය ප්‍රතිව්‍යූහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් චීන රජය ගෙන ඇති පියවර කුමක්ද යන්නය.
මෙතෙක් එවැනි සහනයක් ලබා දීමට එකඟතාවක් පළ කොට නොමැති චීනය වෙනුවෙන් පිළිතුරු දුන් අමාත්‍යංශ ප්‍රකාශකයා මෙම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ණය සහන ඉල්ලීම හමුවේ චීනය ගත් පියවර පිළිබඳව පිළිබඳව සෘජු පිළිතුරක් ලබා දීම මඟහැර ඇති අතර ඒ වෙනුවට ඔහු පවසා ඇත්තේ දිගින් දිගටම ශ්‍රි ලංකාවට සහයොගය චීනය විසින් දෙනු ලබන අතර දෙරටය අනනොන්‍ය සහයොගිතාවකින් වැඩ කරන බවය.
මේ අනුව ශ්‍රි ලංකාව මේ දිනවල මුහුණ දී ඇති කාවකාලික අර්බුදය එරට විසන් ජය ගනු ඇත බවට තමන්ට විශ්වාස බවද ඔහුමෙහිදි අදහස් ක්වමින් ප්‍රකාශ කොට ඇත.







