චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කර වසර හැත්තැවක් ගතවී ඇතත් එම කාලය තුලදී චීනය විසින් ටිබෙටයේ කළ සංවර්ධනය කුමක් දැයි හිටපු ටිබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රශ්න කර තිබේ.
තියිපේ ටයිම්ස් පුවත් පතට විශේෂ ලිපියක් සම්පාදනය කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු විසින් බීජිං පාලනයයෙන් ටිබෙටයේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ගත් පියරවක් ඇත්නම් එය පෙන්වන ලෙසටද අභියෝග කර ඇත.
චීනය විසින් ටිබෙටය සිය පාලනයට ගනිමින් එය මුදාගත් බවට උදම් වනමින් සැමරීම් කළත් ටිබෙටය ආරක්ෂා කිරීමට ටිබෙට් වැසියන් ලක්ෂයකට අධික පිරිසක් සිය දිවි පිදූ බවද අදාල මන්ත්‍රීවරයා පෙන්වදෙයි.
එමෙන්ම 1950 දී චීනය ටිබෙටය ආක්‍රමනය කිරීමෙන් පසුව ගතවූ කාලය තුල ලක්ෂ දහයකට අධික ටිබේට් වැසියන් පිරිසක් චීනයේ අමානුෂික ක්‍රියාවන් හේතු නිසා මරණයට පත්ව ඇති බවද ඔහු සඳහන් කරයි.
මේ අතර වසර 70ක් ගත් වුවත් ටිබෙට් වැසියන් තවමත් චීනය කෙරෙහි දැඩි වෛරයකින් පසුවන බවද ඔහු පෙන්වා දෙන අතර එය චීනය ටිබෙටයේ ගෙනයන පාලනයේ අමුනාෂික බව පෙන්වීමට කදිම සාදයක් බවද අදාල හිටපු මන්ත්‍රී මන්ත්‍රීවරයා පවසයි.
“අදවන විට ටිබෙටය තුල ආගමකි නිදහසක් හෝ භාෂණයෙන් නිදහසක් නැහැ. ජනතාව දැඩී පීඩාවට පත්ව සිටිනවා. ටිබේට් ජාතිකයින් හට ඉතාම පහත් විදිහටයි සලකන්නේ” යනුවෙන් ඔහු වැඩිදුරත් පවසයි.







