සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක ව්‍යාපාරයට තොණ්ඩුව ඇද්ද ආනයනික භාණ්ඩ බද්ද!

by editor
මාර්තු 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ මූලිකම පදනම් විනියම  උත්පාදකයක් වූ  සංචාරක කර්මාන්තයට කොවිඩි වසංගතය නිසා  එල්ලවුයේ මරු පහරකි.     රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට  ලැබිය යුතුව තිබුණු විශාල මුදලක් ඉන් රටට අහිමිවිය.

දශලක්ෂයකට අධික පිරිසක්  සෘජුව හා වක්‍රව මෙරට සංචාරක කර්මාන්තයේ නිරතව සිටිති. ඔවුන් සිටියේ හත වැදීය. කෙසේ වුවද  මේ වනවිට  මෙරට  සංචාරක කර්මාන්තයේ යම්කිසි පිබිදීමක් ඇතිවෙමින් තිබේ.  සංචාරක කර්මාන්තයේ නිරතවුවන්ගේ අතමිට සරුවෙමින්  ඇත.

ශ්‍රි ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව  ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස  මෙරටට පැමිණි විදේශිය  සංචාරකයින් සංඛ්‍යාව  89506කි. එම මාසය තුළ වැඩිම විදේශිය සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබුණේ ඉන්දියාව රුසියාව, එක්සත්රාජධානිය, ජර්මනිය හා යුක්රේනය වැනි රටවලිනි.

දෙසැම්බර් මාසයේ  සංචාරක ඉපයිම ඩොලර් මිලියන 120 කි. 2021 වර්ෂය තුළ මෙරටට විදේශීය සංචාරකයින්  1,94,495 දෙනෙකු පැමිණ තිබුණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සංචාරක කර්මාන්තය යනු සේවා සපයන කර්මාන්තයකි. මෙරටට පැමිණෙන විදේශිය සංචාරකයින් තෘප්තිමත් කිරීම සඳහා ගුණාත්මක සේවාවක් ලබාදිය යුතුය. ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ආහාර  ලබාදිය යුතුය.

දැන් ඇපල්, මිදි, දොඩම්  ඇතුළු පළතුරු වර්ග මෙන්ම  බටර්, චිස්, කෝකාවා රටඉඳි, යෝගට්, බීර, ඇතුළු   විදේශීය රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ  367ක් සීමා කිරීමට  මුදල් අමාත්‍යංශය කටයුතු කර ඇත.

මේ  ඇතැම් භාණ්ඩ අපේ රටේ රට්ටුන්ට නම් අත්‍යවශ්‍ය භාණ්ඩ නොවිය හැකිය.   එහෙත් ආනයනය සීමා කොට ඇති   භාණ්ඩ වලින් බොහෝමයක් සංචාරක කර්මාන්තයට නම් අත්‍යවශ්‍ය  භාණ්ඩය. මේ නිසා  මෙරට සංචාරක කර්මාන්තයට යම්කිසි බලපැමක්  එල්ලවීමට ඉඩ ඇත.

ඇතැම් කෑම වර්ග සැදීමට    ආනයනය සීමාකොට ඇති   සමහර භාණ්ඩ අත්‍යවශ්‍ය වේ.  යුරෝපිය කැම වර්ග සකස් කිරිමට    සෝස් වර්ග, වයින්වර්ග  අත්‍යවශ්‍ය වේ. ඉතාලි කෑම සඳහා චීස් වර්ග නැතිවම බැරිය. මෙම තත්වය තුළ   විදේශිකයින්ගේ  කෑම වේල සම්බන්ධව බරපතල ගැටලු රැසක්  නිර්මාණය වීමට නියමිතය. තත්වය වඩාත් උග්‍ර වනු ඇත්තේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගෙන්  සියයට 90ක් පමණ  යුරෝපීය ආහාර වර්ග  අනුභවයට හුරුවී සිටීම නිසාය.   .

සංචාරක හෝටල් හිමියන්ගේ අත්දැකීම අනුව  දින 07ක පමණ කාලයක් මෙරට රැඳී සිටින විදේශිකයක් දේශීය ආහාර වේල් ගන්නේ දෙකක් හෝ තුනක් පමණි.    ඔවුන් ඇනවුම කරන   ඉතිරි ආහාරවෙල් සියල්ලම යුරෝපිය ආහාර වර්ග  වලින් සමන්විතය. දැන් මේ උද්ගත වී ඇති තත්වය තේරුම් ගත යුතුය.

ආනයනය සිමා කළ ඇපල් සඳහා බද්ද සියයට 200කින් ද මිදි හා  දෙළුම් සඳහා බද්ද සියයට 50කින් ඉහල දමා ඇත.  දොඩම් නාරං වියලි මිදි , සහ අනිකුත් ආනයනික  පළතුරුවර්ගවල  බද්ද ඉහළ ගොස්ය.   ආනයනික පළතුරුවල මිල   දෙතුන් ගුණයකින් ඉහල යාමට නියමිතය. මෙම භාණ්ඩ මුල් කරගත් කළු කඩයක් නිර්මාණය වීමට නියමිතය. එය අවසානයේ බලපාන්නේ සංචාරකයන්ගේ ආහාර වේලටය.  වැඩිම බලපැමක්  එල්ලවනු ඇත්තේ   තරුපංතියේ හෝටල්වලටය.

විදුලි විසන්ධිය

සංචාරක කලාප ආශ්‍රිතව විදුලිය විසන්ධි කිරීම නිසා සේවා සැපයිමේ දී  සංචාරක කර්මාන්තයේ නිරතවුවන් ගැටලු රැසකට මුහුණ දී සිටිති. සංචාරක ව්‍යාපාරය යනු සේවාවක් සපයා මුදලක් උපයා ගැනීමේ කර්මාන්තයකි.  ඇත්දැකීම අමිහිරි නම්,  පීඩාකාරී  නම්  විදේශීය සංචාරකයින් මුදල් ගෙවා කටු කන්නේ නැත.  අප දෙපා ළඟට පැමිණි ඩොලර්  හිමි වී යෑමේ අවදානම සමගය.

ස්නානය මෙන්ම  වැසිකිළි කැසිකිළි පහසුකම් සඳහා වතුර නොමැති වීම   විදුලි කප්පාදුවෙන් එල්ලවන ප්‍රධාන බලපැමකි. විදේශිය සංචාරකයින්  හිරු රශ්මියට  ඇලුම්  කරන බව සැබෑය.  නමුත් ඔවුන් විවේකව සිටින විට හා නින්දට යාමේ දි  වායු සමීකරණය අත්‍යාවශ්‍ය උපකරණයකි. තරු පහේ හෝටල් හිමියා සිට ගෘහස්ථ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයා දක්වා විදුලි විසන්ධි කිරීම නිසා බරපතල ව්‍යසනයකට මුහුණ දී සිටිති.  ඔවුන් සතුව ඇති විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්ක කරගැනීමට ඉන්ධන නැත. අර්බුදයේ කෙළවරම තැන එතැනය.

විදේශිය  සංචාරකයින්ගෙන් අතිබහුතරයක්  කාලය ගෙවා දමන්නේ අන්තර්ජාලයත් සමගය.     අන්තර්ජාලය  ඔවුන්ගේ ප්‍රධාන තොරතුරු  සන්නිවේදන මාර්ගය ය. එමෙන්ම තම හිතවතුන් සහ නෑදෑයන්ගේ සම්බන්ධකම් පවත්වන්නේ  අන්තර්ජාලය හරහාය. විදුලිය කප්පාදුවත් සමග අන්තර්ජාලයත් අවරහිර වී තිබේ. රූපවාහිනි සහ අනෙකුත් සේවා සම්බන්ධතා ඇනහිට තිබේ. රෙදිපිළි සේදීම සහ ඒවා පිරිසිදු කිරීම ගැටලුවක්ව තිබේ.

ශීතකරණ ක්‍රියාවිරහිතය. ශීත කළ බීම වීදුරුවේ සිට ගබඩා කර ඇති ආහාර ද්‍රව්‍යවලට ද විදුලි කප්පාදුව බලපා ඇත. ඇතැම් හෝටල්වල මුළුතැන්ගෙයි ඇති ශීත කළ ආහාර නරක් වෙමිනි.       විදේශිය සංචාරකයින් හෝටලයෙන් පිටත්වන    අවස්ථාවේ විදුලිය ඇනහිටීම නිසා ණයවර පත් මගින් මුදල් ගනුදෙනු කිරීම නොහැකිවී තිබේ. අප හිතනවාට වඩා මේ අඳුර අපේ විනියම උත්පාදන මාර්ග කෙරෙහි බලපාන්නේ එසේය.

උණවටුන සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් රිදිවිලා හෝටලයේ  හිමිකරු  සුමිත උබේසිරි ඇති වී තිබෙන තත්වය අපට තේරේන ලෙස කීවේය.

“ඕනෑම පුද්ගලයෙකුගේ කොඳු නාරටියට මරු පහරක් එල්ල වූ විට දෙපයින් නැගිට සිටීමට බෑ. සමහරවිට සදාතනික අබ්බගාතයකු වීමට ද එය  හේතුවක්  වෙනවා. විදේශීය මුදල් සංචිත නොමැතිවීම රටකට මෙවැනි ඉරණමක් අත් කරනවා.

සංචාරක ව්‍යාපාරය හරිම සංවේදී එකක්. උදාහරණයක් ගත්තොත්   ලංකාවේ කොහේ හරි කොනක  බෝම්බයක් පිපිරුනොත්  අනිත් පැත්තේ ඉන්න සංචාරකයින්  රටින් පිටව යනවා. පාස්කු ප්‍රහාරයත් සමග සමස්ත සංචාරක ව්‍යාපාරයම අකර්මණ්‍ය වුනා. ඒ සඳහා ගත වුන්  දින කිහිපයක් පමණයි.

covid වසංගතය හමුවේ සියල්ල කණපිට පෙරලුනා. වසර දෙකකට අධික කාලයක් ව්‍යාපාරවල යෙදී සිටී සියලු දෙනාම කබලෙන් ලිපට වැටුනා.  එහෙත් කුමක් හෝ වාසනාවන් නිසා සංචාරක ව්‍යාපාරය සීඝ්‍ර වර්ධනයක් ලබා ගත්තා. ඒ කොවිඩි වසංගතය පහ වන්නටත් කලින්..

දැන් සංචාරක ව්‍යාපාරය සඳහා සෘජුව බලපාන භාණ්ඩ රැසකම ආනයනය සීමා  කරලා. ඒ සීමා යළිත් සංචාරක ව්‍යාපාරය කුඩු පට්ටම් කරනවා.  හීනෙන් නැගටලා වගේ මේ ගන්න තීන්දු යළිත් බලපානු ඇත්තෙ රටේ ආර්ථිකයට.

උණවටුණ  සුළු හා මධ්‍ය පරිමාන හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති රූපසේන කොස්වත්ත මේ තත්වය දකින්නේ මෙසේය.

“  අත්‍යාවශ්‍ය නොවන සේ නිර්ණය කර ආනයනය සිමාකොට ඇති ඇතැම් භාණ්ඩ සංචාරක කර්මාන්තය සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ. මේ භාණ්ඩවල මිල අධිකවීම භාණ්ඩ  හිඟයක් ඇතිවීම යළිත්  සංචාරක කර්මාන්තයට සෘජුව බලපානවා.

විදේශිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ බත්  මාළුපිණි කාලා යන්න නෙමෙයි.  ලංකාවට ආවේණික කෑම වර්ග    ආහාරයට ගන්නා විදේශිය සංචාරකයින්  ප්‍රමාණය සියයට 10ක් විතර ඇති . සියයට 90ක් පමණ   ආහාරයට ගන්නේ යුරෝපිය හා තායිලන්ත කෑම වර්ග. ආහාර වේලක මිල වැඩිවීම කියන්නෙම විදේශිකයන් මේ රටේ රැඳී ඉන්න කාලය අඩු වෙනවා. වියදම වැඩි නිසා නැවත එන්න උත්තේජනයක් නැති වෙනවා. මේ නිසා ඔවුන්  ලංකාවට වඩා අඩුවියදමකින් සංචාරය කරන්න පුළුවන් විකල්ප හොයා ගන්නවා. “

ඔහු කියන්නේ අපේ ආර්ථික කළමනාකරුවන් ඉඳුරුවේ ආචාරියාගේ ගෝලයන් බවය. ඉඳුරුවේ ආචාරියා එකක් කඩතොළු මකා ගන්නට ගොස් නැතක් කඩතොළු හදා  ගත් හැටි අපේ ජන වහරේ එන්නනේය.

ඉඳුරුවේ ආචාරියා  හැදූ කඩතොලු මෙන් මේ හැදෙන කඩතොළු මකා ගන්නට හැකිවෙතැයි අපට හිතෙන්නේ නැත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීනයේ කාන්තාවන් තවමත් පසුපසින්

Next Post

රුසියානු හමුදා කීව් නගරය අසල ප්‍රතිසංවිධාන වෙයි – තවත් ප්‍රබල ප්‍රහරයක් අතළඟ බවට සැකයක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.