ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය තවමත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ඉලක්කය සපුරා ගැනීමෙන් බොහෝ දුරස් බවට හොංකොං පෝස්ට් වාර්තා කර තිබේ.
එම වාර්තාවට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භයේ සිටම කාන්තා විමුක්තිය එහි ප්‍රධාන න්‍යාය පත්‍රවලින් එකක් බවට පත් කරගෙන ඇති අතර චීන රජය 1990 සිට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සිය නිල ප්‍රතිපත්තිය බවට ද ප්‍රකාශයට පත් කර ඇත.
කෙසේවෙතත්, චීනයේ නාගරික මෙන්ම ග්‍රාමීය කාන්තාවන් ද තවමත් දැඩි ලෙස පුරැෂාධිපත්‍යයෙන් සහ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමෙන් පීඩා විඳිමින් සිටින බව අදාළ වාර්තාව සදහන් කරයි.
පවුල තුළ සිදුවන පීතෘමූලික පීඩනය, රැකියා ස්ථානයේ වෙනස්කම්වලට ලක්වීම, ලිංගික හිංසනය සහ පරිපාලන ව්‍යවස්ථාදායකයේ ඉතා අඩු නියෝජනය චීනයේ ස්ත්‍රී පුරැෂ සමානාත්මතාවයට අදාළ ඉලක්ක ජයගැනීමට ඇති ප්‍රධානතම බාධා බව පැවසේ.
මෙම තත්වය වෙනස් කිරීම සදහා චීන රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණත් ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක කිරීම දැඩි ලෙස ගැටලු සහගත වී ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ .







