සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංඛ්‍යාත ජනතාවගේ… ඒ ගැන අවසන් තීන්දුව රජයේ… දිගින් දිගටම ව්‍යාජ පුවත් මවන මාධ්‍ය ආයතනවලට රජය අවසන් අනතුරු ඇඟවීමත් කරයි!

by editor
දෙසැම්බර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාධ්‍ය ආයතන පවත්වාගෙන යන සංඛ්‍යාතවල අයිතිය මහජනයා සතුවනවා සේම එම සංඛ්‍යාත සම්බන්ධව තීන්දු ගැනීමේ හැකියාව ඇත්තේ රජයට බවත්, දිගින් දිගටම මහජන කැළඹිල්ලක් ඇතිවන ආකාරයේ ව්‍යාජ පුවත් දැනුම්වත්ව සහ චේතනාන්විතව නිර්මාණය කර ප්‍රචාරය කරමින් රට ව්‍යසනයට ලක් කරන්නේ නම් ජනතාවගේ පැත්තෙන් කල්පනා කර අවශ්‍ය තීන්දු ගැනීමට රජය පැකිලෙන්නේ නැති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී දන්වා සිටියේය.

දිගින් දිගටම ප්‍රශ්න සහගත පුවත් වාර්තා කරන්නේ නම් ජනතාව සතු සංඛ්‍යාත සම්බන්ධව තීන්දු ගැනීමේ අයිතිය රජයට ඇති බැවින් එම මාධ්‍ය ආයතන සම්බන්ධව යම් තීන්දුවක් ගන්නේ දැයි මාධ්‍ය වේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

තවම රජය එහෙම තීන්දුවක නෑ. හැබැයි ජනතාවගේ පැත්තෙන් එහෙම තීන්දුවක් ගත යුතු නම් ඒ සම්බන්ධව රජය පැකිලෙන්නෙත් නැති බව කියන්න ඕන.

ජනතාව අතර අනවශ්‍ය කැළඹීමක් හදන්නට, අසමගියක් හදන්නට විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, සෞඛ්‍ය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස වැරදි ප්‍රවෘත්ති හදමින්, ප්‍රවෘත්ති විකෘති කරමින් යනවා නම් එම කොන්දේසි අනුවම කටයුතු කිරීමේ අයිතියක් රජයට පවතිනවා.

අපි ඒ වාර්තා කරපු මාධ්‍ය ආයතන කීපයටම අපි දැනුම් දීලා තියනවා. ඒ නිසා අපි කැමතියි ඔබ ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින්, ජනතාවගේ විශ්වාසයත් එක්ක කටයුතු කරන නිසා තමන් අතින් වාර්තාකරණයේ දී අඩුපාඩුවක් වුනා නම් එය ඉස්සරහට අරගෙන යන්නේ නැතිව රට වෙනුවෙන් නිවැරදි තොරතුරු වාර්තා කරන්න කියලා.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඇමතිවරයා කීවේ මේ සිදුකළේ දිට්වා සුළි කුණාටුවේ කාලගුණ අනාවැකි නොසලකා හැරීම සම්බන්ධව ප්‍රබන්ධයක් ගොතා එය පාස්කු ප්‍රහාරයට සමපාත කිරීමට උත්සාහ ගන්නා කීපදෙනෙක් ඉන්නා බව පෙනෙන්නට ඇති බවය. කලින් කීවා, විසිපස් වතාවක් කීවා, ඉන්දියාවෙන් කීවා යන කරුණු තුන ගෙන හැර දක්වන්නේ ඒ සඳහා බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ සියලුම කරුණු දත්ත සහිතව පෙන්වා දී ඇති බැවින් තවත් ප්‍රශ්නයක් ඇතිනම් අධිකරණයට යන ලෙස ඇමතිවරයා දන්වා සිටියේය. අධිකරණයේ දී සියල්ල තහවුරු වනු ඇතැයි ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රන්වල පිළිබඳ පූර්ව නිගමනවලට එන්නේ නැතිව අධිකරණ ක්‍රියාවලිය දෙස බලාගෙන ඉන්න… රජය ඉල්ලයි!

Next Post

බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් මාලිමාව පරදී… 

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.