ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රන්වල පිළිබඳ පූර්ව නිගමනවලට එන්නේ නැතිව අධිකරණ ක්‍රියාවලිය දෙස බලාගෙන ඉන්න… රජය ඉල්ලයි!

by editor
දෙසැම්බර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අශෝක රන්වල හිටපු කතානායකවරයා සම්බන්ධ සිද්ධිය මේ වනවිට ඇත්තේ අධිකරණයේ බැවින් පූර්ව නිගමනවලට එළඹෙන්නේ නැතිව සිදුවන දේ සම්බන්ධව අවධානයෙන් සිටින ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය, අධිකරණය සහ රෝහල් පද්ධතිය ක්‍රියාත්මකවන ක්‍රමවේදයක් පවතින බවය. අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමත්ව රිය ධාවනය කළා නම් ඔහු සම්බන්ධව කිරිබත්ගොඩ සහ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් තබන සටහන අධිකරණයට ගෙන්වා ගතහැකිවා සේම ඔහුගෙන් ලබා ගත් රුධිර සහ මුත්‍රා සාම්පල පරීක්ෂණ වාර්තා ද ඉදිරිපත් කෙරෙන බව කී ඇමතිවරයා ඒ සියල්ල අධිකරණයට භාර දෙන බව පැවසුවේය.

අනතුරුව අශෝක රන්වල සම්බන්ධව තීන්දුවක් ගනු ලබන්නේ නම් එම තීන්දුව ගන්නේ කැබිනට් මණ්ඩලය නොව පක්ෂයක් ලෙස ස්වකීය පාර්ලිමේන්තු කණ්ඩායම බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

මේ සිදුවීම රිය අනතුරක් බවත්, රිය අනතුරට ලක් වූ අශෝක රන්වල මෙන්ම අනතුරට ලක් වුන තවත් පුද්ගලයෙක් මේ වනවිටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඇමතිවරයා කීවේය.

” මේක අධිකරණ කටයුත්තක්. 19 වැනිදා මේ ගැන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න නියමිතයි. ඒ අනුව අපට කියන්න පුලුවන් වරදක් කොතැනද සිදුවෙලා තිබෙන්නේ කියලා.”

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

” ඒ වගේම මම කියන්න කැමතියි රජය හැටියට අපට මූලිකවම ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීම වැදගත් වෙනවා. මොකද ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීම තමයි අංක එක. ඒ නිසා රජයට සම්බන්ධ පුද්ගලයෙකුගෙන් වරදක් වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධව කටයුතු කිරීමට අපි පැකිලෙන්නේ නෑ.”

” ඒ වගේම මෙවැනි සිදුවීමක දී නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම් අඩුපාඩු හෝ ප්‍රමාදයන් සිදුවී තිබෙනවා නම් ඒ ගැනත් අපි කටයුතු කරන්න සූදානම්. ඒ සියලු කරුණුවලින් තමයි රජයක විනිවිද භාවය සහ ජනතාවට වගවීම පෙන්නුම් කරමින් යන්නේ.”

” මේ සිදුවීමේ දී එය දැකපු ඒ ආසන්නයේම නිරීක්ෂණය කළ අය ඉන්නවා. ඔවුන්ද ප්‍රකාශ සිදුකර තිබෙනවා. මේ සියල්ල පැත්තක තිබ්බත් මෙවැනි රිය අනතුරක දී නීතිය සහ රෝහල් පද්ධතියක් ක්‍රියාත්මකවන ආකාරයක් පවතිනවා. අධිකරණයක් ක්‍රියාත්මකවන ආකාරයක් පවතිනවා.

“මම හිතන්නේ අපට කලබල වෙන්න දෙයක් නෑ . මේක අධිකරණයේ තිබෙන කටයුත්තක් නිසා එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳ බලාගෙන ඉන්න පුලුවන්කමක් තියනවා. මේ සිද්ධියේ දී සමහර පාර්ශවවලින් චෝදනා එල්ල වුන නිසා පොලිසිය පැත්තෙන් යම් අඩුපාඩුවක් සිදුවුනා කියලා පොලිස්පතිවරයාගේ නියෝගයෙන් පොලිසිය පැත්තෙන් යම් අඩුපාඩුවක් සිදුවුනාද කියලා විමර්ශනයක් සිදුවෙමින් තියනවා.”

“මේ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනවා. අධිකරණයේ දී ඒ ගැන ලැබෙන තීන්දුව බලා ගන්න පුලුවන්. ඒ නිසා අශෝක රන්වල මන්ත්‍රීවරයා වරදක් කළා ද නැද්ද යන පූර්ව නිගමනයක සිට කටයුතු නොකර ඒ අවස්ථාව විවෘතව තබන ලෙස මා ඉල්ලා සිටිනවා. ”

” සමහර දේවල් ඇති. ඒ වගේම අපි දන්න දේවලුත් තියෙනවා. ඔහු ගමන් කරමින් සිටියේ බිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකට හවස 6.30ට සහභාගී වෙලා. එතන බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති උප සභාපති ඇතුළු මන්ත්‍රීවරු 32ම එකතු වෙලා හිටියා. මාවරමණ්ඩියේ මේ ස්ථානයේ ඉඳලා බොහොම කෙටි වෙලාවක් තමයි ඒ ස්ථානයට තිබුණේ.”

” අපි දන්නවා මෙවැනි ආපදා අවස්ථාවක දී අපේ මන්ත්‍රීවරු කටයුතු කරමින් ඉන්නේ කොහොමද කියන එක. ඒ වගේම මෙවැනි ආකාරයේ වැඩ යොදා ගත්තම කටයුතු සිදුවන ආකාරය පිළිබඳ අපට අවබෝධයක් තියනවා. මම සියලු දේවල් මෙතන කියන්න සූදානම් නෑ මේක කැබිනට් ප්‍රෙස් එක නිසා. ”

“නමුත් මම කියන්න කැමතියි ඔබට ඇඟිල්ල දිගු කළ හැකි වන්නේ රජය පාර්ශවයෙන් මේ නීතිමය කටයුතු කිරීමට බාධා කළා කියලා කියන්න පුලුවන් කමක් තිබෙනවා නම්. ”

“එහෙම කිසි දෙයක් සිද්ධ වෙලා නැතිනම් රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් අඩුපාඩුවක් වෙලා ඇතිනම් ඒ සම්බන්ධව අපි සොයා බලනවා. ”

“කිරිබත්ගොඩ රෝහලේදීත්, කොළඹ ජාතික රෝහලේදීත් ඔහු ඇතුළත් කරගැනීමේ දී අදාල වෛද්‍යවරයා මුලින්ම රෝගියා සම්බන්ධයෙන් සටහන් කරනවා. සටහන් පරික්ෂා කරන්න පුලුවන්. එය අධිකරණයට ගෙන්වා ගන්න පුලුවන්. ඊට පස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කරලා බලනවා. අදාල රුධිර සහ මුත්‍රා සාම්පල් යවලා තියනවා. ඒවායේ ප්‍රතිඵල අධිකරණයට 19 වැනිදා ඉදිරිපත් කරාවි.”

“ඒ සියල්ලගෙන් ඔබට බලා ගන්න පුලුවන් මොකක්ද වෙන්නේ කියලා. අපි එක් එක් පූර්ව නිගමනවල සිට මේ ගැන විග්‍රහ කිරීම තේරුමක් නෑ දැනට මෙය නීතියට භාරදී තිබෙන නිසා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් රටට තවත් වියළි සළාක තොගයක්!

Next Post

සංඛ්‍යාත ජනතාවගේ… ඒ ගැන අවසන් තීන්දුව රජයේ… දිගින් දිගටම ව්‍යාජ පුවත් මවන මාධ්‍ය ආයතනවලට රජය අවසන් අනතුරු ඇඟවීමත් කරයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.