බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂාෆ්ටර් සිය දිවි නසා ගත්තා ද? – අධිකරණ විශේඥ වෛද්‍ය මතය විමසීමක්…

by editor
ජනවාරි 8, 2023
in පුවත්
Dinesh-Shafter
Share on FacebookShare on Twitter

තොණ්ඩුවකින් එල්ලීමකින් තොරව පුද්ගලයෙක් ඉඳගෙන සිටිය දී ගෙල සිරවීමෙන්   සිදුවන මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ අත්දැකීම් ඇති බවත් ඒ සියල්ලම පාහේ මනුෂ්‍ය  ඝාතනයන් බවත් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය  විශේෂඥ චන්න පෙරේරා පවසයි.

විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මේ බව පවසන්නේ දිනේෂ් ෂාෆ්ටර් අභිරහස් මරණය ඉලක්ක කරගෙන හිරු ප්‍රවෘත්ති සේවය වෙනුවෙන් ඩිලාන් මායා දුන්නේ සමග කෙටි සාකච්ඡාවකට එක් වෙමිනි.
එහි දී අධිකරණ වෛද්‍යවරයා පවසන්නේ මෙසේය.

“ගෙලේ තුවාල අවමව හෝ තුවාල නොමැතිව යම් කිසි පුද්ගලයෙකුට මරණයක් සිදුකරන්න පුලුවන්. ඒ නිසාම පශ්චාත් මරණ පරීක්ෂණයක් කරනකොට විශේෂයෙන් පුද්ගලයෙකුගෙ ගෙල ආශ්‍රිතව සුවිශේෂී  විච්චේදන කීපයක් කරනවා. එම විච්ඡේදන එළි දක්වලා තියෙන්නේ එක්දාස් නවසිය පනස් ගණන්වල.

“අපි ඒකෙදි කරන්නෙ ස්ථරයෙන් ස්ථරය ගෙල විච්ඡේදනය කිරීම. එසේ කරන්නේ ඇති වී  තෙබන තුවාල නිරීක්ෂණය කරන්න. සමහර අවස්ථාවල දි ගෙල සිරකර මනුෂ්‍ය  ඝාතන කරන්න පුලුවන් තුවාල අවමව හෝ සමහර අවස්ථාවල දි තුවාල නොමැතිව. තුවාල නොමැතිව සිද්ධ කරනවා නම් එයත් හඳුනා ගත හැකියි. නමුත් එය ඉතාම විරල සංසිද්ධියක්. එවැනි අවස්ථාවකදි අධිකරණ වෛද්‍ය නිලධාරියාටත් ඒ සම්බන්ධව තීරණයක් ගන්න අපහසු වෙනවා.“

තොණ්ඩුවකින් ගෙල සිරවී සිදුවන මරණ – සිය දිවි නසා ගැනීම්

“ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ලෙස අපට අති බහුතරයක් පශ්චාත් මරණ පරීක්ෂණ එන්නෙ ගෙල තොණ්ඩුවකින් සිරවීමෙන් සිදුවන මරණ සම්බන්ධවයි. “

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

“එල්ලී ගෙල තොන්ඩුවකින් සිරවීමෙන්   මරණයක් වෙනවා නම් එම මරණවල අති බහුතරයක් සිය දිවි නසා ගැනීම්. ස්වල්පයක් හදිසි අනතුරු නිසා සිදුවන මරණ. ඒ ආකාරයෙන් සිදුවන මනුෂ්‍ය ඝාතන අඩුයි. “

ගෙල සිරකර සිදුකරන මනුෂ්‍ය ඝාතන

“ ගෙලට තොණ්ඩුවක් දමාගෙන එල්ලුන පුද්ගලයෙකුගෙ බෙල්ල හිරවෙන්න බලය ලැබෙන්නෙ ඒ පුද්ගලයගෙ ශරීර බරින්.
“නමුත් එසේ නොවන අවස්ථාවල තොන්ඩුවකින් ගෙල සිර කරනකොට ඒ බලය ලැබෙන්න ඕන බාහිර පාර්ශවයකින්. එවැනි මරණ මනුෂ්‍ය  ඝාතනයක් වීමේ සම්භාවිතාව වැඩියි.

ඒකෙන් කියන්නෙ නෑ තමන්ටම බෙල්ල හිරකරගන්න බෑ කියලා. නමුත් එවැනි අවස්ථා ඉතාම විරලයි

ඉඳගෙන තමන්ගේ ගෙල තොණ්ඩුවකින් තමන්ම සිරගෙන සියදිවි හානි කරගත හැකි ද?

“ඉඳගෙන නමුත් , ගෙලට දැමූ තොණ්ඩුවකින් එල්ලිලා සිදුවුන සිය දිවි නසා ගැනීම් ගැන පශ්චාත් මරණ පරීක්ෂණ  කරලා තියනවා.

“එසේ එල්ලීමකින් තොරව, ඉඳගෙන සිටිය දී තොණ්ඩුවකින් ගෙල සිරවී සිදු වූ මරණ ගැන කළ පශ්චාත් මරණ පරීක්ෂණ සියල්ලක්ම පාහේ මනුෂ්‍ය  ඝාතන.“

“දැන් මෙහෙම හිතමු. තමන්ම තොණ්ඩුවකින් බෙල්ල හිරකරගන්නවා සුවිශේෂී ක්‍රමවේදයක් අනුගමනය කරන්නෙ නැතිව. විනාඩියකදි දෙකකදි එම පුද්ගලයා සිහි මුර්ජා වෙනවා මොළයට ඔක්සිජන් යෑම අවහිර වෙන නිසා. “

“සිහි මුර්ජා වෙච්චි අවස්ථාවේ දී තොණ්ඩුවේ ගැටයෙන් මේ පුද්ගලයාගෙ අත ගිලිහෙනවා. එතකොට නැවතත් තොණ්ඩුව බුරුල් වෙලා මොළයට ලේ යන්න ගන්නවා. එතකොට නැවතත් මේ පුද්ගලයා ප්‍රකෘති සිහිය ලැබෙනවා.“
“එසේ නොවී මිය යන තුරු දිගටම තොණඩුව ගෙලේ හිරවෙලා තියනවා නම් ඒකට ඔහුට සුවිශේෂී ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. “

එහෙම වෙන්න බැරි ද?

එසේ වෙන්නෙ නෑ කියන්න බැ.

එසේ වුවත් ඒක තීරණය කරන්න වෙන්නෙ පොලිස් පරීක්ෂණ  මහේස්ත්‍රාත් පරීක්ෂණ,  රස පරීක්ෂණ සියල්ලම විශ්ලේෂණය කරලා. එහෙම තමයි අවසාන නිගමනයකට එන්න වෙන්නෙ.

එහෙම නැතිව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පමණක් මෙය සියදිවි නසා ගැනීමක් හෝ හදිසි අනතුරක් හැටියට කියන්න බෑ.

මොකද මේ මරණ මනුෂ්‍ය  ඝාතනයක් වීමේ සම්භාවිතාව ඉතාමත්ම වැඩි නිසා.

හිරු පුවත් සේවයේ ඩිලාන් මායාදුන්නේ සමග විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා කළ සාකච්ඡාව…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බොරු දළදා මාළිගාව යැයි කී ඉදිකිරීමේ පත්තිරිප්පුවේ අනුකරණ කොටස කඩා දමයි…

Next Post

විදුලි බිලේ ප්‍රශ්නය ආණ්ඩුව අභ්‍යන්තරය දෙදරවයි… මහින්ද – රනිල් ගැටුමක…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.