කුරුණෑගල, පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පු කොටස කඩා ඉවත් කරමින් තිබේ.
දළදා මාළිගාවේ අනුරුවක් ලෙස නිර්මාණය කර තිබූ මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.
මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු සහ දියවඩන නිලමේවරයා විසින් මේ සම්බන්ධව රජයෙන් පරීක්ෂණයක් ඉල්ලා ලිඛිතව දැනුම් දීමට ද කටයුතු කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ඊයේ (07) පිටත්ව ගියේය.
එහෙත් මේ ස්ථානය ඉදිකරනු ලැබූ ජානක සේනාධිපති පැවසුවේ තමන් වෙහෙර විහාර රාශියක් ඉදිකර මහා සංඝයා වහන්සේට හා ශාසනයට පූජා කළ බවත් දළදාවහන්සේ වැඩ වාසය කරන්නේ මහනුවර බව තමන් මෙන්ම මේ ලෝකයේ ඕනෑම කෙනෙක් පිළිගන්නා බවත්ය. එය බෞද්ධයාගේ මුදුන්මල් කඩ බවය.
තමන් මෙම ස්ථානයේ ඉදිකරනු ලැබුවේ සම්බුද්ධ මන්දිරයක් බව ඔහු ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වෙතත් මේ වනවිට දළදා මාළිගාවේ ආකෘතියක් ලෙස ඉදිකරනු ලැබූ එම ගොඩනැගිල්ල ඉවත් කරමින් ඇත.







