ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව එහි ප්‍රගතිය සොයා බැලීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඊයේ 28 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.
එහිදී පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් හමුවී උපදෙස් ලබා දුන් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ඉකුත් 15 වැනි දින රාත්‍රී එංගලන්තය බලා පිටත් වීමට හෝරා කීපයක් තිබියදී ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ අනාථ පැත්ත යැයි හඳුන්වන ප්‍රදේශයේ සිය මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැට ගසා තිබූ අතර ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ දී පැය පහකට අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබිණි.
අදාළ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට ඔහුගේ බිරිය, නැන්දම්මා ඇතුළු පුද්ගලයන් 84 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සීසීටීවී කැමරා දර්ශන 60කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇත. ඊට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන ද පරීක්ෂණ පැවැත්වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
දිනමිණ – ගයාන් කුමාර වීරසිංහ සහ බණ්ඩාරගම – බිමල් ජයසිංහ









