සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය හැක් කර කෝටි 10ක බිල්පත් මුදල් වංචා කළ හිටපු හමුදා සෙබලෙක් අත්අඩංගුවට…

by editor
දෙසැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මාර්ගගත ක්‍රමයට විදුලි බිල්පත් ගෙවීමට පහසුකම් සලසා ඇති විදුලිබල මණ්ඩල වෙබ් අඩවියේ ගෙවීම් දොරටු හැක් කර රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනා මත 26 හැවිරිදි හිටපු හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය කටයුතු කර ඇත.

පෙරේදා (27) සවස මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර තුනක් පමණ හමුදාවේ සේවය කර ඇති ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

ඔහු තාවකාලිකව කඩුවෙල ප්‍රදේශයේ පදිංචි වී සිට රාත්‍රී සමාජශාලාවල හැසිරෙමින් හඳුනාගන්නා කෝටිපති ව්‍යාපාරිකයන් සමග මිතුරුව ඔවුන්ගේ ව්‍යාපාරවල විදුලි බිල් අන්තර්ජාලය හරහා ගෙවීමේ දී සියයට විසි පහක වට්ටමක් ලබා දෙන බව පවසා මෙම වංචාව සිදුකර ඇත.

විදුලිබල මණ්ඩල වෙබ් අඩවියේ ගෙවීම් දොරටුවේ තාක්ෂණික දුර්වල ස්ථානයක් හඳුනාගෙන එම වෙබ් අඩවිය හැක් කර මුදල් ගෙවීමකින් තොරව මුදල ගෙවූ බව පෙන්වන බිල්පත් ලබාගෙන එම බිල්පත් අදාල ව්‍යාපාරිකයන් වෙත ලබා දී මුලු මුදලම තමන්ගේ සාක්කුවේ දමා ගැනීමට මෙම පුද්ගලයා කටයුතු කර ඇතැයි විමර්ශන අංශ පවසයි.

මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් අතර කෝටි එක හමාරක් පමණ විදුලි බිලක් ගෙවීමට තිබූ පොලොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ද වූ බව හඳුනාගෙන ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සැකකරු මෙම වංචාව සිදුකර ඇත්තේ සැප්තැම්බර් 18 සහ නොවැම්බර් 25 අතර බවට තොරතුරු හෙළි වී තිබේ.

මාර්ගගත ක්‍රමයට ලද ගෙවීම් සටහන් සහ බැංකුවට බැරවු මුදල් අතර ඇති වෙනසක් විදුලිබල මණ්ඩලයේ ගිණුම් අංශයට පෙනී යෑම හේතුවෙන් ඒ සම්බන්ධව නොවැම්බර් 25 වැනිදා කළ පරීක්ෂාවක දී පෙනී ගොස් ඇත්තේ විදුලි පාරිභෝගිකයින් 400කගේ පමණ ගෙවීම් පද්ධතිය තුළ සටහන් වී ඇතත් මුදල බැංකුවට බැරවී නැති බවය. වෙබ් අඩවිය හැක් කර ඇති බව ඔවුන්ට පෙනී ගොස් ඇත්තේ එවිටය.

නොවැම්බර් 28 වැනිදා මේ සම්බන්ධව විදුලිබල මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
මේ සම්බන්ධව විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම හිටපු හමුදා සෙබල තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

මූලික විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන මස 05 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝගක කර තිබිණි.

විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්කරන්නා තුරු අන්තර්ජාලය හරහා සිදුකරන ගෙවීම් අත්හිටුවා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර් ඝාතන විමර්ශණ ප්‍රගතිය විමසීමට පොලිස්පති සීඅයිඩියටම යයි

Next Post

ඇමරිකාවේ ඉතිහාසගත වංචාවක් කර හිරේ ගිය කුප්‍රකට ලාංකික ඇමරිකානුවා, රාජ් රාජරත්නම් ලංකාවට ඇවිත්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.