සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසා ගැනීමක් ද, ඝාතනයක් ද?… අවසන් තින්දුව දෙන්න විශේෂඥ පංච පුද්ගල කමිටුව රැස් වෙයි!

by editor
ජූලි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, ව්‍යාපාර නායක  දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද නොඑසේනම් සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධ අවසන් නිගමනය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය  විසින් පත් කළ  පංච පුද්ගල අධිකරණ විශේඥ වෛද්‍ය කමිටුව අද (23) සිය සාකච්ඡා සැසිය පෙරාදෙණිය විශ්වවිද්‍යාලයී වෛද්‍ය පීඨයේ දී ආරම්භ කළහ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද සිය දිවිනසා ගැනීමක් ද යන්න සම්බන්ධව බරපතල ගැටලුකාරී තත්ත්වයක් අධිකරණය ඉදිරියේ මතුවී තිබුණු බැවින් ඒ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයකින් තීරණයක් ලබා  ගැනීමට අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ  ඉහළම ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්වූ ප්‍රමාණික විද්වතුන්ගේ  ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස පසුගිය පෙබරවාරි 17 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් කළ නියෝගයක් ප්‍රකාරව මෙම කමිටුව පත් කෙරනි.

මෙම විශේෂඥවරු  ඊයේ සවස මහනුවරට ලඟා වී තිබිණි. ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම අධිකරණ විශේෂඥවරු පස් දෙනාගෙන් සමන්විත මෙම විශේෂඥ මණ්ඩලය මෙතෙක් මෙම මරණය සම්බන්ධව ලැබුණු විද්‍යාත්මක දත්ත ගොනු සහ පර්යේෂණ වාර්තා සමාලෝචනය කරමින් අද සහ හෙට දෙදින තුළ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව පිළිබඳ තියුණු විද්‍යාත්මක විශලේෂණයක් සිදුකරනු ඇත.

මෙම පංචපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුව විසින් කළ ඉල්ලීමකට අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරන ලද දිනේෂ් ෂාෆ්ටර්ගේ දෙවැනි වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂණයේ     දී මෙතෙක් ලබා ගත් දත්තවලට එපිටින් ඇති විද්‍යාත්මක සාධක පිළිබඳ සොයා බැලීමට රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවටත්  විශ්විද්‍යාල මට්ටමේ සහ ඉහළ ප්‍රමිතිගත රසායනාගාර වෙතත් යොමු කර ඇති තොරතුරු පරීක්ෂණ වාර්තා සමාලෝචනය කිරීමක් ද  මේ දෙදින තුළ සිදුකරනු ඇත.

අනතුරුව  දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සිය දිවි නසා ගැනීමක් ද, ඝාතනයක් ද යන්න පිලිබඳ අවසන් නිර්දේශය මෙම පංච පුද්ගල කමිටුව විසින් වෛද්‍ය විද්‍යාත්මක කරුණු මත පදනම්ව අධිකරණය වෙත ලබා දෙනු ඇත.‍

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අධිකරණය විසින් නම් කළ මෙම පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේනතුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු, කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ  විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස්, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය යූ,සී.ඩි පෙරේරා, මහනුවර ජාතික රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. ශිව සුබ්‍රමනියම්, ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ආර්. රුවන්පුර  ඇතුළත් වෙති.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනුරාධපුර ශුද්ධ නගරයේ පොසොන් උළෙල වෙනුවෙන් පොසොන් කඩ වෙන්දේසියේ වංචාව හෙළි කළ මාධ්‍යවේදියාට පිහි පහරක්…

Next Post

17 හැවිරිදි තරුණයෙක් මුහුදේ ගිලී අතුරුදහන් වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.