අනුරාධපුර පර්සි කුරුනේරු –
අනුරාධපුර පොසොන් සැණකෙළිය නිමිත්තෙන් අනුරාධපුර මහ නගර සභාව මගින් අනුරාධපුර ජයන්ති මාවතේ තාවකාලික වෙළදසැල් වෙන්දේසි කිරීමේදී එය අත යට ගනුදෙනු මත සිදු කෙරෙන බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳව එහි ගොස් අනාවරණය මාධ්‍යවේදි තම්සීර් හමිඩ් ට මැරයෙක් විසින් ඉකුත් 20 වෙනිදා සවස අනුරාධපුර ශික්ෂණ රෝහල් භූමියේදී පිහි ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
මාධ්‍යවේදියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබන සිය මවගේ සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් මහාචාර්ය ඒකකයේ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගෙන නැවත සිය යතුරුපැදිය පන ගන්වා ඉන් පිටත්වීමට සූදානම් වූ අවස්ථාවේ සම්පූර්ණ මුහුණ ආවරණය කර ගත් හිස් වැසුමක් පැළද යතුරුපැදියකින් පැමිණි මෙම මැරයා මාධ්වේදියාගේ මග අවහිර වනසේ යතුරුපැදිය හරස් කොට නවත්වා මෙම පිහි ප්‍රහාරය එල්ල කර තිබේ.
අනුරාධපුර පොසොන් සැණකෙළියේ පොසොන් කඩ වෙන්දේසි කිරීමේදි සිදුවූ බව කියන අක්‍රමිකතාවය පිලිබඳ තොරතුරු ඉකුත් මැයි මස 29 වෙනිදා සවස 6.55 මාධ්‍යවේදී තම්සීර් හමිඩ් ඔහු විසින් ආවරණය කරන හිරු ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අනාවරණය කර තිබිණි.
එම ප්‍රවෘත්තිය ආවරණය කිරීමට ගිය අවස්ථාවේ ද මාධ්‍යවේදී තම්සීර් හමිඩ්ට එම පුද්ගලයා මරණීය තර්ජන එල්ල කොට තිබිණි.
එම මරණීය තර්ජන එල්ල කළ පුද්ගලයා ඉන් පසුව මාධ්‍යවේදියාට ප්‍රථම වරට මුණ ගැසී ඇත්තේ ඉකුත් 20 වෙනිදා සවස 5.30 ට පමණ අනුරාධපුර ශික්ෂණ රෝහල් භූමියේදීය.
එම අවස්ථාවේ “උඹට මාව මතක නැද්ද .අපි එපා කියද්දි උඹ අපට විරුද්ධව ප්‍රවෘත්තිය ප්‍රචාරය කළා නේද . අද තෝව මරණවා කියා පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පිහි ප්‍රහාරය එල්ලවීමත් සමග මාධ්‍යවේදී තම්සීර් හමිඩ් පසු පසට පැන දිවි බේරා ගෙන ඇත.
එම පිහි පාර වැදුණා නම් තමාට ලොකු අනතුරකට ලක්වීමට සිදු වන්නට තිබූ බවත් මාධ්‍යවේදීයා පොලිසියට පවසා තිබේ.
එම අවස්ථාවේ රෝහල් භූමියේ සිටි අය කලබල වූ විට එම පුද්ගලයා “ අද උඹේ මරණය මිස් වුණා. නමුත් හෙට අනිද්දා වෙද්දී උඹව වාහනයකින් හරි යට කරලා මරණවා…” කියා ඔහු පලා ගොස් ඇතැයි මාධ්‍යවේදී තම්සීර් හමිඩ් පොලිසියට පවසා ඇත.
අනුරාධපුර පොලිසිය විමර්ශන පවත්වයි.