ව්‍යාජ හැඳුනුම්පතක් ඇතුළු ලියකියවිලි සකස්කර මහනුවර ධර්මරාජ විදුහල අසල පීරිස්වත්තේ පිහිටි ඉතා වටිනා ඉඩමක් මීගමුව ව්‍යාපාරිකයෙකුට ලක්ෂ 40කට අලෙවි කළ පුද්ගලයින් සිවු දෙනෙක් මහනුවර පොලිසියේ විශේෂ අපරධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
මහනුවර ධර්මරාජ විද්‍යාලය අසල ඇති තමන්ගේ වටිනා ඉඩම විකුණා දැමීමට එහි හිමිකරු විසින් තීරණය කර ඔහුගේ ඉඩමේ ඔප්පුවේ පිටපතක් සිය හිතවතෙක් වෙත ලබා දී තිබේ.
එම පිටපත මෙම වංචාව කළ පුද්ගලයින් අතට පත් වී ඇත. ඉන් පසු ඉඩම හිමිකරුගේ නමට ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර ජවාරම් කරුවන්ගෙන් කෙනෙක් අනෙක් ලියකියවිලිද සකස් කරගෙන ඉඩම් හිමිකරු ලෙස පෙනී සිටිමින් ලක්ෂ හතලිහකට ඉඩම මීගමුව ප්‍රදේශයේ වෙසෙන ව්‍යාපාරිකයෙක් වෙත අලෙවි කර තිබේ. සිතා ගත නොහැකි තරම් ලාභදායී වූ මෙම ගනුදෙනුවට ව්‍යාපාරිකයා මහත් උවමනාවෙන් සම්බන්ධ වී තිබිණි.
අනතුරුව රුපියල් 280000ක නීතිඥ ගාස්තුවක් ද ගෙවා ඉඩම නව හිමිකරුට ලියා දීමට ද වංචාකරුවන් කටයුතු කර ඇත.
අනතුරුව ඉඩම ලියාපදිංචියට යොමු කර තිබේ.
මේ අවස්ථාවේදී මෙම ගනුදෙනුවේ ලේඛණ සම්බන්ධව ඉඩම් කාර්යාලයේ නිලධාරියෙකුට සැක සිතී ඇත. එම නිලධාරියා ඒ බව නිතීඥ මහතාට සහ ඉඩම මිල දී ගත් පුද්ගලයාට දැනුම් දි තිබේ. අනතුරුව කළ සොයා බැලීමේ දී විකිණුම් කරුවන් වංචාවක් කර ඇති බව තහවුරු වී ඉඩමේ සැබෑ හිමිකරු හමු වී ඇත.
මේ වනවිටත් ඉඩමේ සැබෑ හිමිකරු තමන්ගේ ඉඩම වංචාකරුවෙක් විසින් තමන්ගේම නමින් වෙන කෙනෙකුට විකුණා තිබුණ බව දැනගෙන සිට නැත.
තත්ත්වය දැනගත් වහාම ඉඩමේ සැබෑ හිමිකරු ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් සිදුකර සිදුකර තිබිණි.
අනතුරුව ඉඩම මිලදී ගත් ව්‍යාපාරිකයා ද සමග ඔහු පොලිසියට ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය ඉඩම මිලට ගත් පුද්ගලයා විසින් මුදල් බැර කළ ගිණුම් පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එක් සැකකරුවෙකු ව්‍යාජ හැදුනුම්පත උපයෝගි කර ගනිමින් බැංකු ගිණුම විවෘත කර තිබුන බවය.
ඉඩම් වංචාවෙන් ඉතිරි වූ රුපියල් ලක්ෂ 36ක මුදල මුදල් වංචාවට එක් වූ සිවු දෙනා අතර බෙදාගෙන තිබේ. පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් ඔවුන් එම සියලු මුදල් වියදම් කර තිබුණු බවය.
අපරාධ සැකකරුවන් මහනුවර, වත්තේගම හා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්ය. වැඩිදුර විමර්ශන වල දී අනාවරණය වූයේ මේ ආකාරයෙන් ඔවුන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකම ඉඩම් අළෙවි කර තිබෙන බව බවය. .
මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.