සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිලෙමින් සිටි රුසියන් යුවලක් බේරා ගන්නට ගිය ජීවිත ආරක්ෂකයා දියේ ගිලී මරුට…

රුසියන් යුවල බේරාගන්නට උත්සාහ කළ හෝටල් සේවකයින් 02ක් සහ රැසියනු යුවල කඹ ආධාරයෙන් ගලවා ගනී...

by editor
ජූලි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය – 

මුහුදේ දියනාමින් සිටි රුසියන් යුවලක් රළ පහරට හසුව උදව් ඉල්ලා කෑ ගැසීමේදී ඔවුන් බේරාගැනීමට මුහුදට පනින ලද හෝටල් ජීවිත ආරක්ෂක නිළධාරියෙකු අද මුහුදේ ගිලී මියගොස් ඇති ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

මේ අතර දියේ ගිලෙමින් සිටි රුසියන් යුවල  ඇතුළු සිව්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇත.

කළුතර උතුර සුමංගල පාරේ පදිංචිව සිටී ජී.ධනුෂ්ක ප්‍රියදර්ශන පෙරේරා  නමැති 36 හැව්රිදි දෙදරු පියෙකු මෙසේ මියගොස් ඇති  බව පොලිසිය කියයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ජී.ධනුෂ්ක ප්‍රියදර්ශන පෙරේරා  වස්කඩුව ප්‍රදේශයේ  සංචාරක හෝටලයක   ජීවිත ආරක්ෂක නිළධාරීයෙක් ලෙස  සේවය කළ අයෙකි.   .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද  දහවල් රුසියන් යුවලක් මුහුදේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත.  ඇසින් දුටු අය පවසන පරදි එහිදී රුසියන් කාන්තාව   උදව් ඉල්ලා කෑ ගසා තිබේ.

එහිදී   ධනුෂ්ක    එක්වරම මුහුදට පැන පිහිනන්නට පටන් ගෙන ඇත.  එහිදී ඔහුද සැඩ රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

ඛේදවාචකය දුටු   හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුද මුහුදට පැන තිබේ.  ඔවුන් දෙදෙනාද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති ඇත.

ජිවිත බේරාගැනීමට එක් වූ තරුණ පිරිස…

මේ සමගම ඒ අසල සිටි ටී. රුවන් සනත් ඇතුළු තරුණයන් සිව්දෙනෙකු සහ තවත් හෝටල් සේවකයින් දෙදෙනෙකු එක්ව ජීවිත ආරක්ෂක නිළධාරීන් භාවිතා කරන් උපකරණ  සහ කඹයක් ආධාරයෙන් රුසියානු යුවලත්, හෝටලයේ සේවකයින් දෙදෙනා සහ මියගොස් ඇති ජීවිතාරක්ෂක තරුණයාත්  ගොඩගෙන තිබේ.

ගොඩගන්නා මොහොතේ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ජීවිතාරක්ෂක තරුණයා හෝටලයේ ත්‍රීරෝද රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘතදේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

මුහුදු රළ සැර වුවද ජීවිත ආරක්ෂක උපකරණ කිසිවක් හෝටලයෙන් සපයා නොමැති බව  ජීවිත බේරගන්න එක්වූ තරුණයෝ කීහ .

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක ගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන්පුර ඉන්ද්‍රජිත් , සැරයන් ජයලාල් (42259) පරීක්ෂණ පවත්වති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්තානයටත් ඇස් උඩ යන විදුලි ගාස්තුවක්

Next Post

අයිතිකරුගේ නමට ව්‍යාජ හැඳුනුම්පතක් හදාගත් හොර කල්ලියක්  මහනුවර  වටිනා ඉඩමක් මීගමු ව්‍යාපාරිකයෙකුට විකුණලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.