සුමිත් පොතුපිටිය –
මුහුදේ දියනාමින් සිටි රුසියන් යුවලක් රළ පහරට හසුව උදව් ඉල්ලා කෑ ගැසීමේදී ඔවුන් බේරාගැනීමට මුහුදට පනින ලද හෝටල් ජීවිත ආරක්ෂක නිළධාරියෙකු අද මුහුදේ ගිලී මියගොස් ඇති ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
මේ අතර දියේ ගිලෙමින් සිටි රුසියන් යුවල ඇතුළු සිව්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇත.
කළුතර උතුර සුමංගල පාරේ පදිංචිව සිටී ජී.ධනුෂ්ක ප්‍රියදර්ශන පෙරේරා නමැති 36 හැව්රිදි දෙදරු පියෙකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය කියයි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ජී.ධනුෂ්ක ප්‍රියදර්ශන පෙරේරා වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක ජීවිත ආරක්ෂක නිළධාරීයෙක් ලෙස සේවය කළ අයෙකි. .
අද දහවල් රුසියන් යුවලක් මුහුදේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත. ඇසින් දුටු අය පවසන පරදි එහිදී රුසියන් කාන්තාව උදව් ඉල්ලා කෑ ගසා තිබේ.
එහිදී ධනුෂ්ක එක්වරම මුහුදට පැන පිහිනන්නට පටන් ගෙන ඇත. එහිදී ඔහුද සැඩ රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.
ඛේදවාචකය දුටු හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුද මුහුදට පැන තිබේ. ඔවුන් දෙදෙනාද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති ඇත.
මේ සමගම ඒ අසල සිටි ටී. රුවන් සනත් ඇතුළු තරුණයන් සිව්දෙනෙකු සහ තවත් හෝටල් සේවකයින් දෙදෙනෙකු එක්ව ජීවිත ආරක්ෂක නිළධාරීන් භාවිතා කරන් උපකරණ සහ කඹයක් ආධාරයෙන් රුසියානු යුවලත්, හෝටලයේ සේවකයින් දෙදෙනා සහ මියගොස් ඇති ජීවිතාරක්ෂක තරුණයාත් ගොඩගෙන තිබේ.
ගොඩගන්නා මොහොතේ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ජීවිතාරක්ෂක තරුණයා හෝටලයේ ත්‍රීරෝද රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘතදේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
මුහුදු රළ සැර වුවද ජීවිත ආරක්ෂක උපකරණ කිසිවක් හෝටලයෙන් සපයා නොමැති බව ජීවිත බේරගන්න එක්වූ තරුණයෝ කීහ .
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක ගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන්පුර ඉන්ද්‍රජිත් , සැරයන් ජයලාල් (42259) පරීක්ෂණ පවත්වති.