සුමිත් පොතුපිටිය –
පානදුර නල්ලුරුව මුහුදු වෙරළේ අද (23) පස්වරුවේ දියනෑමට ගිය සිව්දෙනෙකු අතරින් පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනෙකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි හේසාන් සත්සර සුදර්ශන පීරිස් නැමැති 17 හැව්රිදි පාසල් සිසුවෙකු බව පොලිසිය පවසයි .
අතුරුදන් පාසල් සිසුවා තවත් තරුණයන් තිදෙනෙකු සමග පානදුර නල්ලූරුව යුධහමුදා කඳවුර ඉදිරිපිට මුහුදේ දියනාමින් සිට ඇති අතර , එක් වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් නැවත මතුවී නොපෙනී ගිය බව සිද්ධිය ඇසින් දුටූවෙක් පැවසීය .
අතුරුදන් තරුණයා ගේ පවුලේ සාමාජිකයින් වෙරළට පැමිණ සිටී අතර , අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසින් මෙහෙයුම් සිදුකල නමුත් අද රාත්‍රි වනතුරුත් ඔහු හමු නොවීය.
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න ගේ උපදෙස් පරිදි , මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ලගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.