ඉන්දීය සංචාරය නිමකර පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට අදාළ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම මස 26 දින සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.
දෙදින නිල සංචාරය නිමකර මෙරටට පැමිණ තෝණ්ඩමන් කටුනායක ගුවන් තොටුපොළේ දීම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බවප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ඉන්දියාවට ගිය කණ්ඩායම කඳුකර ජනතාවගේ ප්‍රශ්න මෙන්ම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, බලශක්ති හා විදුලිබල ක්ෂ්ත්රයේ ආයෝජන පිළිබඳව විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත් වූයේ යැයි ද ඇමතිවරයා කීවේය.
ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකරයේ ජනතාවගේ සුබසෙත උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් රුපියල් මිලියන 3000 ක මුදලක් ලබාදීමට නියමිත බවත් එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත විශ්ව විද්‍යාලය සඳහා මෙම මුදල් වලින් කොටසක් වැය කිරීමට අපේක්ෂා කරන්නේ යැයි ද ජීවන් තොණ්ඩමන් පැවසුවේය.