විභාග මධ්‍යස්ථාන 2943දී 5 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (22) දිනයේදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් එම්.එල්.ඩී. ධර්මසේන සදහන් කරයි.
විභාගය හෙට උදෑසන 9.30ට පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වී 10.30ට අවසන් වෙන අතර දෙවන ප්‍රශ්න පත්‍රය 11.00ට ආරම්බ වී 12.15 දක්වා පැවැත් වෙන බව කොමසාරිස්වරයා කියයි.
මෙවර විභාගයට සිංහල මාධ්‍ය දරුවන් 255 062 ක්ද දෙමළ මාධ්‍ය දරුවන්
85 446කු පෙනී සිටිනු ඇත.
මෙවර විභාගයේදී සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 496ක් සහ විශේෂ මධ්‍යස්ථාන 108ක් පවතින බවත් මෙම විශේෂ මධ්‍යස්ථාන 108 කොවිඩ් වයිරසය ආසදනය වූ දරුවන් වෙනුවෙන් වෙන් කර ඇතැයිද විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.
සැහැල්ලුවෙන් ගොස් හෙට (22) දිනයේදී විභාගයට පෙනී සිටින්නැයිද විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට තමා සුභ පතන්නේ යැයිද කොමසාරිස්වරයි අවදාරණය කරයි.