පසුගිය 10 දා හදිසියේ කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නිරෝගී තත්ත්වයෙන් පසුවන බව සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් ආනාවරණය වූ බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අද අධිකරණයට දැනුම් දුන්නේය.
පසුගිය 11 වැනිදා කොළඹ මහාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ පරීක්ෂා කර සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට කළ නියෝගය අනුව මෙම දැනුම් දීම සිදුවිය.
රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධව පාඨලී චම්පික රණවකට එරෙහිව කොළඹ ප්‍රධාන මහාධිකරණයේ විභාගවන නඩුව අද (21) කැඳවූ අතර නඩුවට පෙනී සිටීම සඳහා මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ සිටියේය.
නඩුව ලබන 18 තෙක් කල් තැබීමට මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් නියෝග කළේය.