ඉදිරියේදී සිදුකෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග ක්‍රමවේදය අහෝසි කර වෙනත් විභාග ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අමාත්‍ය කමිටුවේ සහ එම කමිටුවට සහාය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ අවධානය යොමු වී ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.
මෙම අමාත්‍ය කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මකවන අතර එහි පළමු සාකච්ඡාව පසුගිය 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ.
එහිදී ජනාධිපතිවරයා වසර 13ක කාලයක් ළමයින් පාසල් අධ්‍යාපනයේ රඳවා තබා ගැනීම පිළිබඳව විශේෂඥ කමිටුවේ අවධානයට යොමු කර ඇති අතර සමාන්‍යපෙළ සහ 5වැනි ශ්‍රේණියේ විභාගවල අවශ්‍යතාව පිළිබඳ කඩිනමින් සාකච්ඡා කර තිරණයක් ගත යුතු බව සඳහන් කර ඇත.
එහෙන්ම මෙම විශේෂඥ කමිටුව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධව පුළුල් වාර්තාවක් ඉදිරියේ දී අමාත්‍ය කමිටුවේ සභාපතිවරයා වන ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.
එහිදී පූර්ව ළමා විය හා පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නියමිතව ඇත
මව්බිම