බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙනුවෙන් පේරාදෙණිය මෝචරියේ මළ සිරුරු විච්ඡේදනය කරන  අපූරු කාන්තාව….

Breaking Norms and Embracing Uncharted Territory

by editor
ජූනි 17, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ඇය සේවය කරන්නේ පේරාදෙණිය රෝහලේ මෝචරියේය. ඇයගේ රැකියාව අධිකරණ  වෛද්‍ය නිලධාරියාගේ විද්‍යාත්මක පර්යේෂණය වෙනුවෙන් විද්‍යාත්මක නියමන්ට අනුව මිනී කැපීමය.  මළ සිරුරු විච්ඡෛ්දනය ය.  මළසිරුරු සමග ජීවිත ගනුදෙණුව තෝරාගත් ඇය අමරාවතීය.  නොමැරෙන සේ ජීවත්වන මිනිස්සුන්ගේ අවසන් ගමන විද්‍යාත්මකව තහවුරු කරන මළසිරුරු විච්ඡේදන කාර්යයේ යෙදී සිටින ඇය සොයා ගියෙමු. 

ඒ වනවිටත් ඇය මළසිරුරු විච්ඡේදනය කරන සිය රාජකාරිය සඳහා සැරසී උන්නාය. ඇය විශේෂ වන්නේ මේ වෘත්තියේ යෙදෙන ලංකාවේ එකම කාන්තාව ඇය වීම නිසාය.  සිරියාවන්ත පෙනුමක් සහිත අමරාවතී  අප ඉදිරියේ සිනාසෙමින් උන්නාය. ඇය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2005 වසරේදී.ය ඇයගේ පළමු පත්වීම 2005 ජනවාරි පලවෙනි දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහන සේවිකාවක ලෙස ය.

“කොහොමද අමරා… ” සංවාදයට මුල පිරුවෙමි. ඇය සිනාසුනාය.

” හොඳයි…” ප්‍රිය සල්ලාපයකින් අනතුරුව ඇය සිය කතාව අප ඉදිරියේ දිගහරින්නට වූවාය.

“පේරාදෙණිය රෝහලේ පලවෙනියටම රස්සාවට ආව දවසේ අපිට රෝහල් අධීක්ෂණය සඳහා රෝහල පුරාම ඇවිදින්න ලැබුණා. ඒ ඒ අංශ පිළිබඳ දැනුවත් කරමින් පුහුණුවක් ලබා දුන්නා.  මා ක්ෂේත්‍රයේ ලබපු මුල්ම අත්දැකීම ඒක. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“අවුරුදු තුනක් මම වාට්ටුවේ වැඩ කළා.  ඒක හරිම අමුතු අත්දැකීමක්. දවසක් රෑ වැඩ කරද්දි වාට්ටුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කළ ලෙඩෙක් මියගියා. එයාගෙ අත්දෙක කකුල් දෙක ගැට ගහලා ඔලුව හදලා ඇස් වහලා ඒ වැඩ ටික කරන්න වුණේ මට.”

“ඒක තරමක් අපහසු බව දැනුනා. වරින්වර මතක් වෙන්නත් පටන් ගත්තා. ගෙදර ගියත් මතක් උනා.   මම හිතුවා හැමදෙනාටම වෙන්නේ ඔය ටික තමයි කියලා. ඉන්පස්සෙ මනුස්සයෙක් දැක්කත් හිතෙනවා අන්තිමට සිද්ධ වෙන්නේ අර ලෙඩාට වෙච්ච දේම තමයි කියලා.”

“ඔය අතරේ තවත් ලෙඩෙක් වාට්ටුවට ගෙනියද්දි අතරමගදී මැරුණා ඒ අත්දැකීමත් මට ගොඩක් තදින් හිතට දැනුනා. මරණය කියන එක මට අන්තිමට සාමාන්‍ය ම දෙයක් බවට පත් වුණා. මේ  අතර පේරාදෙණිය ලොකු ඉස්පිරිතාලෙ ශල්‍යාගාරයේ වැඩට මාව මාරු කරලා දැම්මා අවුරුදු එකොළහක් තිස්සේ මම ශල්‍යාගාරයේ වැඩ කලා. ඒ වෙද්දි මම විවාහ වෙලා දරුවන් දෙදෙනෙකු ගෙඅම්මා කෙනෙක්…”

අමරා සිරුරක් විච්ඡේදනය කරන අයුරු…

“දුවගෙයි පුතාගෙයි වැඩ නිසා මට උදේ 7:00 හවස 5 සේවය කරන තැනකට මාරුවක් උවමනා වෙලයි තිබුනෙ. අධිකරණ වෛද්‍ය තුමාගේ කාර්යාලයට සෞඛ්‍ය කාර්යය සහයක කෙනෙක් අවශ්‍ය බව දැනගත්ත ගමන්ම  මම එතැනට ඉල්ලුම් කළේ ඒ නිසා.”

“විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහත්තයා තමයි මෙතැන සේවය කළේ. අදටත් මම වැඩ කරන්නේ සේනසිංහ මහත්තයා යටතේ. එදා ඉඳලා අද වෙනකම්ම හදිසි මරණ පරීක්ෂක තුමා විදිහට කටයුතු කරන්නේ ජයවර්ධන මහත්තයා.”

“මට තිබුනෙ ලියකියවිලි වල වැඩ. අත්දැකීම් ගොඩක්.  මොකද මිනීමැරුම් සියදිවි හානිකර ගැනීම්  අතරෙ සාමාන්‍ය මරණ ඉපදිලා පැය ගානකින් මිය යන තැන ඉඳන් වයස අවුරුදු 80 90 දක්වාම මිනිස්සු මැරෙන එක මට බොහොම සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. ඒ විතරක් නෙමෙයි ඒ මරණයකට ඇති නීතිමය තත්ත්වයන් ඒ වගේ වගකීම මේ මහත්තුරු ඒව පිළිවෙලකට කරන විදිහ මගේ ජීවිතේ මම නොහිතන තරම් දැනුමක් ලබාගන්න මට උදව් උනා.”

අමරා අධිකරණ විශේෂඥ වෛද්‍ය වරයාගේ කාර්යාලයේ සේවයට එන්නේ 2021 අප්‍රේල් නව වැනි දා ය. උදේ වරුවේ ලියකියවිලි වල වැඩ ඉවර කරන ඇය සවස්වරුවේ මෝචරියේ වැඩ ගැන අවදියෙන් සිටින්නීය.

හදිසි මරණ පරීක්ෂක ලෙස කටයුතු කරන පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ රෝහල් ඕවර්සියර් තනතුර හොබවන ජයවර්ධන   ද මරණ පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ පිළිබඳව යම් යම් දෑ අමරාගෙ විමසීම්වලට කරුණු පහදා දෙමින් අමරා ගේ උනන්දුව තවදුරටත් අගය කළේය.

මළ සිරුරක් විච්ඡේදනය කරනවා කියන එක සුළුපටු කාරියක් නොවේ. ඒ සඳහා මනා පුහුණුවක් ලැබිය යුතු අතරම හදිසි මරණ පරීක්ෂණයක් පශ්චාත් මරණ පරීක්ෂණයක් විශේෂිත වූ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහාත්  මළසිරුරු විච්චේදනය කරන ක්‍රමවේද එකිනෙකට වෙනස්ය.

පේරාදෙණිය මෝචරියේ මළසිරුරු විච්ඡේදන කටයුතු වල වසර දාහතක පළපුරුද්දක් සහිත ව පුහුණු සේවකයින් ලෙස කටයුතු කරන්නේ සංජීව පුෂ්පකුමාර සහ ජගත් නිශාන්ත ය.

ඔවුන් මළ සිරුර විච්චේදනය කරන අයුරු අමරා බලා සිට ඇත්තේ දැඩි උවමනාවෙනි. අමරා ගේ උනන්දුව නිසාම සංජීව සහ ජගත්   ඒ පිළිබඳ තමන් දන්නා සියලු දැනුම නොඅඩුව අමරා ට කියා දී ඇත. ඉතා විමසිල්ලෙන් ඒ පිළිබඳව ඇසූ අමරා මළසිරුරු විච්ඡේදනය පිළිබඳ දැඩි උවමනාවකින් ඉගෙන ගත්තාය.  සංජීව සහ ජගත් ඒ දැනුම ලබා දී තිබුණේ  ගුරුවරුන් සේ ය.

” මළ සිරුරක් විච්චේදනය කරන විදිය බලාගෙන ඉන්නකොට මට හිතුණා මේ වැඩේ මටත් පුළුවන් කියලා. මම ඒ ගැන ලොකුවට හිතුවා . එක දවසක් මම කෙලින්ම ඇහුවා මම මළ සිරුරක් කපන්නද කියල. මෝචරියේ සර්ලා දෙන්නයි සංජීව මහත්තයා ජගත් මහත්තයයි හැමෝම එකට කැමති උනා.”

“එදා ජේ.එම්.ඕ පරීක්ෂණයට ගෙනැත් තිබුණේ පිරිමි මළසිරුරක්. මම කපන්න පටන් ගත්තා. හිසට මැෂින් එක තියලා කපන්න යනකොටම මට හිතුනා රිදෙනවද දන්නේ නෑ කියලා. ඒත් තදින්ම හිතා ගත්තා මේක මිය ගිය මළ සිරුරක් කියලා. හිස්කබල ඉවත් කරනකොට මට හිතුණා මම වැඩේ හරියට කරනවද  කියලා. මොළේ පැත්තකින් තියලා නිකට ලඟින් වෙන් කරලා පහලට කපද්දී මට ලොකු හැඟීමක් ආවා… මොනව කිව්වත් ඒ වෙලාවට ගෑනුකම මතුවෙනවා. වැඩිපුරම දැනෙන්නෙ කැක්කුමක් දැන් එයිද කියන එක තමයි. පව් කියන හැඟීමත් එනවා. නමුත් මැරිල දැනෙන්නෑ කියල තදින්ම හිතට ගන්නවා. හැම අවයවයක්ම වෙන් කර කර පැත්තකින් තිබ්බාම සර් කිව්වා අමරා හොඳට වැඩේ කළා නේද කියලා… “

“මට තියෙන්නෙ මේ වැඩ කළා නේද කියලා හැඟීමක් විතරයි. ලොකුවට හිතන්න දෙයක් මෙතන නෑ. මට හිතෙනවා මම කරන්නේ මහා සේවයක් කියලා එච්චරයි.”

“මුල්ම  මළසිරුරු 5ක් 6ක් එක්ක ලොකු හැඟීමක් සමග වැඩේ කලේ. දැන් නම් සාමාන්‍ය තත්වයට පත්වෙලා. දැන් මේ තව එක වැඩක් විතරක් වෙලා. මෝචරිය ඇතුලේ මිනිය ලඟ ඉන්නකම්  ඒ වැඩේ ඉන්නවා. එතනින් එළියට එනකොට මම ඒක අමතක කරනවා.”

“තනියෙන් ඉන්න වෙලාවට වත් ගෙදර ගිහින් වැඩ කරද්දි වත් රැයකට වත් මට නැවත ඒ වා මතක් වෙන්නෙ නෑ. මනුස්ස ශරීරයක ඇත්ත ස්වභාවය තේරුම් යනවා විතරයි .”

“මේ ලෝකේ මිනිස්සු බැඳීම් එක්ක කොයි තරම් නම් පීඩාවට පත් වෙනවා ද?. රණ්ඩුසරුවල් කරගන්නවා ද?. ඒ හැම දෙයක්ම බොරුවක්.. ගෑනියෙක් විදිහට මට දැනෙන්නේ එච්චරයි. ….,”

මළ සිරුරක් විච්චේදනය කිරීම යනු සුළුපටු කාරියක් නොවේ.. පුද්ගලයෙකුගේ මරණයේ ස්වභාවය අනුව පරීක්ෂණයේ ස්වභාවය ද වෙනස් වෙයි. සියදිවි හානි කරගැනීමක් හදිසි අනතුරක් මිනී මැරුමක් ගැටුමකදී සිදුවන හදිසි මරණයක් මෙන්ම ඒ ඒ වයස් වලදී සිදුවන මරණ, පශ්චාත් මරණ පරීක්ෂණයේදී වෙනස් ස්වරූප ගනී.

පශ්චාත් මරණ පරීක්ෂණයකදී සාමාන්‍යයෙන් මළසිරුරක් ඉදිරිපස කොටස පමණක් පර්යේෂණය සඳහා යොදා ගනී. මිනීමැරුමක් හෝ වෙනත් සුවිශේෂී සිද්ධියක් මත සිදුවන මරණයකදී සිරුරේ දෙපස සහ සියලු අංග පරීක්ෂණයට භාජනය කරයි .එය තරමක් ව්‍යාකූල ය.

අමරාට දැන් මේ සියල්ල සාමාන්‍ය ය. සියලුම වර්ගීකරණයන් යටතේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මළසිරුරු ක්‍රමානුකූලව විච්ඡේදනය කිරීමට ඇයට හැකි ය. ඒ සඳහා ඇයට හැකියාව ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ ද ප්‍රකාශ කර සිටී.

” අමරා ගේ මම දකින සුවිශේෂීම ගුණය තමයි ස්වකැමැත්තෙන් මේ සියලු දේ ඉගෙන ගැනීමට ඇති උනන්දුව. කාන්තාවක් විදිහට මේ දේවල් දරාගෙන වැඩ කරනවා කියන එකම ලොකු අභියෝගයක්. අපි හිතුවටත් වඩා ඉතා පහසුවෙන් අමරා ඒ සියල්ල ග්‍රහණය කර ගත්තා. මේ  වන විට මම ලංකාවෙත් විදේශීය රටවල් වලත් විශේෂඥ අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කර තිබෙනවා. ලංකාවේ මෝචරියක කාන්තාවක් වැඩ කරනවා දුටු පළමු අවස්ථාව මෙයයි. “

“මළසිරුරක් විච්ඡේදනය කරනවා කියන එක පහසු කාර්යයක් නෙවෙයි මේ සේවය විශාල අභියෝගයක් මොකද අපි වගකියන්නේ අධිකරණයට .මේ වගේ කාර්යයක් අමරා ඉගෙන ගත්ත එක අපට ආඩම්බරයක්…. විශේෂඥ අධිකරණ වෛද්‍ය සේනසිංහ   කියා සිටියේය.”

මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂක ජයවර්ධන කියා සිටියේ, මෙවැන්නකි.

“මෝචරියක වගේ තැනක බොහෝ දෙනා සේවය කරන්නේ කැමැත්තෙන් නෙවෙයි. ඒ වගේ පසුබිමක කාන්තාවක් සියල්ල ඉගෙන ගෙන තමන්ගෙ කැමැත්තෙන් වැඩ කරනවා කියන්නේ ම අගය කළ යුත්තක්. අපි සියලු දෙනාම එකතුවෙලා ඇයට මේ දේවල් ඉගෙන ගන්න ලොකු උදව්වක් ලබා දුන්නා. ඇය කිසිම දිනක කිසිදු වැඩකට පසුගාමී ස්වභාවයක් දක්වලා නැහැ. අදටත් බොහොම කැමැත්තෙන් මේ කටයුතුවල නිරත වෙනවා…,’

ගැහැණු කම නිසාම අමරා ගේ තවත් අමතක කළ යුතු නැති අගය කළ යුතු ගති ස්වභාවයක් දක්නට ලැබෙයි. මෝචරියට මළසිරුරක් භාර දෙන හැම අවස්ථාවකම මියගිය පුද්ගලයාගේ ඥාතීන් හිතමිතුරන් එහි පැමිණෙන්නේ දරාගත නොහැකි ශෝකයක් සමගය. අමරා කටයුතු කරන්නේ ඒ සියල්ලන්ගේම හිත නිවාලන අන්දමටය. කුමන අන්දමක මරණයක් වුවද ඇය ඒ සමග පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට සිය සේවාව සපයා දෙන්නේ හිත සැනසෙන අයුරකින් ය. “

“මළ සිරුරු විච්ඡේදනයේ දී ජාතීන් අනුව මළ සිරුර බාර දෙන අන්දම වෙනස් ස්වරූප ගනී. සිංහල හෝ දමිළ ජාතීන්ට අයත් මළසිරුරක් නම් මළ සිරුරේ අවසාන නිමැවුම සිදුකරන්නේ මල්ශාලාව මගිනි. විච්ඡේදනය කරන මළ සිරුර මල් ශාලාවට භාර දුන් පසු එය නිමවා ඥාතීන්ට භාර දෙනු ලබයි.නමුත් මුස්ලිම් ජාතික මළ සිරුරු මල් ශාලාවකට බාර දෙන්නේ නැත. මෝචරියෙන් රැගෙන යන්නේ නිවසටය. ඒසේ නම්.. පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා විච්චේදනය කරන මුස්ලිම් මළ සිරුර මෝචරිය තුළදීම නැවත සකස් කළ යුතුය. අමරාට ඒ හැකියාව ද ඇත. ඇය විච්ඡේදනය කළ මළ සිරුරේ අවයව සියල්ල නැවත ඒ ඒ තැන්වල සවිකොට සිරුර නැවත මැහුම් දමා මැසීමෙන් අනතුරුව නිමවා ඥාතීන්ට බාර දෙනු ලබයි.

මෝචරිය ජීවිතය ගැන අවබෝධයක් ලබා දෙන්නේය.  අමරා ඒ මහා ජීවිත පරිඥානය අත්දැකීමෙන් ලද ලංකාවේ එකම කාන්තාවය. ඇය අපට සුවිශේෂී වන්නේ කාන්තාවක් මිනී කපන නිසා නොවේ. ඇය සතු ඒ ගැඹුරු අවබෝධය නිසාය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පකිස්තානයත් විප්ලවයකට අර දී 

Next Post

ශිෂ්‍යත්ව විභාගය සහ සාමාන්‍ය පෙළ අහෝසියි?…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.