සුමිත් පොතුපිටිය –
කළුතර, පලාතොට ගොඩපරගහහේන ප්‍රදේශයේ මාර්ගයකදී ඊයේ රාත්‍රි තියුණු සිට ඇති ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර , පලාතොට , ගොඩපරගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටී සුජිත් ධර්මසේන නමැති 43 හැව්රිදි අවිවාහකයකු බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා නිවස ආසන්න මාර්ගයේ ඇවිද යමින් සිටියදී හිස සහ ගෙල ප්‍රදේශයට එල්ලවූ තියුණු ආයුධ පහරවල් කිහිපයකින් මාර්ගයේම ඇදවටී මියගිය ඇත.
මියගොස් ඇති තැනැත්තාට පුද්ගල පහරදීම් සම්බන්ද පැමිණිලි ඇති අයෙකු බවත්, පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් පොලිසිය සදහන් කරයි.
කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති







