මින්නේරිය මිරිස්හේන ධීවර ගම්මානයේ දී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළ ඝාතකයා නීතිඥයෙක් මාර්ගයෙන් ඊයේ (16) සවස මැදිරිගිරිය පොලිසිය වෙත භාර වීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීම සිදුකර තිබුණේ වයස අවරුදු 42ක් පමණ වූ තිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන ගිනි අවිය ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මැදිරිගිරිය පොලිිසය වැඩිදුර පරික්ෂණ පවත්වයි.







