කීර්ති ප්‍රනාන්දු –
ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීමක් සිදු නොවන බව අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සිදුකරන ලද සියලුම විමර්ශනවලින් තහවුරු වී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයට අදාල 1 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් තහවුරු වී ඇති බවය.
එම ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න තුනක් විභාගයට පෙර සාකච්ඡා වී ඇති බවත් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය දන්වා තිබේ.
එබැවින් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරිය වෙත ගැටලුව සහ ගැටලුවට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ විශ්ලේෂණාත්මක වාර්තාව අමාත්‍යවරිය විසින් පත් කරන ලද දේශීය හා විදේශීය විශේෂඥ කමිටුවට යොමු කර ඔවුන්ගේ ද නිර්දේශ මත පිටවී ඇති ප්‍රශ්න තුනට විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබා දීමට තීරණය කර තිබේ.
වසර 10ක පමණ වයස දරුවෙක් වෙත නැවත වරක් මෙම පීඩාකාරී විභාග බර නොදිය යුතු බවට විද්වත් කමිටුව දැඩිව අවධාරණය කර ඇතැයි අමාත්‍යාංශ නිවේදනයේ කියයි.
එම නිවේදනය පහතින් දැක්වේ.








