හැන්දක් රත් කර තම පස් හැවිරිදි දියණියගේ ශරීරයේ සිව්පොලක් පිළිස්සූ බව කියන මවක් මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
දියණිය පෙරපාසල් යාම ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වී මෙම මව දරුවාව පුළුස්සා තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඈත.
පිළිස්සුම් තුවාල ලද දරුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මහනුවර පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක සිටින තිස් හැවිරිදි මව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දැරිය අධිකරණ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක අමරසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි







