විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් සාජාහි පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගයේ ශ්‍රී ලංකා ඉනිම හමාරය. මේ වනවිට දකුණු අප්‍රිකානුවෝ පිළිතුරු ඉනිම අරඹා සිටිති.
ඕවර 20 අවසානයේ දී අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 142කට දැවී ගියේය. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානුවන් පන්දු යැවීමට ගත් තීරණය ඉතා නිවැරදි එකක් බව ඔවුහු තහවුරු කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 142න් ලකුණු 72ක් ලබා ගත්තේ පැතුම් නිශ්ශංකය. පන්දු 58ක දී ඔහු ලබාගත් විශ්වාසනී ලකුණු 72ක නොවන්නට අපට සිදුවන දේ ගැන අපවත් දන්නේ නැත.
චරිත් අසලංක ලකුණු 21ක් පන්දු 14ක දී ලබා ගත්තේය. අනතුරුව ලකුණු 11ක් වත් ලබා ගත්තේ දසුන් ශානක පමණි. මුල් තරගවල දී අගේට පන්දුවට පහර දෙමින් සිටි අවිශ්ක ප්‍රනාන්දු සිය පිතිකරණයේ ස්ථාන මාරුවත් සමග යළි යළිත් අසාර්ථ වන බව අදත් පෙන්නුවේය. ඔහු ලබා ගත්තේ ලකුණු 04කි.
තරගාවලියේ මෙතෙක් තරග පැවති ආකාරය සලකා බැලීමේ දී 142ක් යනු තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් නොවේ. ඉනිම බිඳවැටෙන්ට හේතුවම ඉදිරිපෙළ පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී පිතිකරණය ය.
පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටබ්‍රාස් ෂම්සි පන්දු ඕවර 4ක් යවා ලකුණු 17ට කඩුලු 03ක්, ඩ්වයින් ප්‍රෙටොරියස් පන්දු ඕවර 03ක් යවා ලකුණු 17ට කඩුලු 03ක් බිඳ හෙළුවේය. එන්රිච් නොට්ජේ පන්දු වාර 04 තුළ ලකුණු 27ට කඩුලු 2ක් බිඳ හෙලුවේය. දුවද්දී දැවී යාම් දෙකකි.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 142කට සියල්ලෝම දැවී ගියහ. ආශ්චර්යමත් පන්දු යැවීමක් දැන් අපට අවශ්‍යයය. එවැනිම පිටියේ පන්දු රැකීමක් පිළිබඳ ක්‍රීඩා ලෝලීහු අවසන් වශයෙන් බලාපොරොත්තු තබා සිටිති.







