ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් දෙදෙනෙක් හැර අනෙක් සියලුම මන්ත්‍රීවරුන්ගේ ඡන්ද රනිල් වික්‍රමසිංහ වෙත ලැබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.
අද මධ්‍යම කාරක සභාව ගත් බව කියන ඩලස් අලහප්පෙරුමට සහයෝගය දැක්වීමේ තීන්දුව ගෙන ඇත්තේ ගණ පූර්ණයකින් තොරව බව ඔහු කියයි.
මන්ත්‍රීවරයා පවසන්නේ මුලින්ම මෙම ඡන්දයේ දී ස්වාධීන වීමට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම තීන්දුව නොගන්නැයි මුල සිටම කී බවත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටි බවත්ය.
එහෙත් ඍජු තීරණයක් නොගෙන දැන් හදිසියේ කරන මෙම ප්‍රකාශයට මන්ත්‍රීවරුන් බහුතරයක් එකඟ නැති බවත් ඩලස් අලහප්පෙරුමට ලැබෙනු ඇත්තේ ඡන්ද දෙක්ක පමණක් බවත් මන්ත්‍රීවරයා කියයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහායද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහාය ඉලස් අලහප්පෙරුමට හිමිවන බව චන්දිම වීරක්කොඩි පවසයි.