අද (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණියේ දී වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහට පක්ෂව සිය ඡන්ද භාවිත කිරීමට තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ප්‍රකාශ කරයි.
ඔහු තම ස්ථාවරය දන්වන්නේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.
එම පණිවිඩය පහත දැක්වේ.
The Ceylon Workers' Congress, after much deliberation, has decided to support Hon. @RW_UNP in his bid for presidency.
We also wish @DullasOfficial and @anuradisanayake the best for tomorrow.
— Jeevan Thondaman (@JeevanThondaman) July 19, 2022







