දිනසේන රතුගමගේ –
මුලතිව් කුරුදුමලේ පිහිටි කුරුන්දක විහාරයේ ඉදිකිරීම් හා පුරා විද්‍යා සංරක්ෂණ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා නීතිඥයින් පිරිසක් පොලීසිය හා නිලධාරීන් සමග 19 දා එහි ගොස් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් මේ මස 29 වෙනිදාට පෙර කුරුඳුමලේ විහාරස්ථානයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී ප්‍රශ්න හා ගැටලු රැසක් පැන නැගිය හැකි බව පෙන්වා දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම ප්‍රදේශයේ සංචාරය කළේය.
මේ සංචාරයෙන් පසුව කුරුඳුමලේ විහාරස්ථානයේ හා ඒ අවට සිදු කරගෙන යන පුරා විද්‍යා කැණීම් ඉදිරියටත් කරගෙන යාම සඳහා අවසර ලබා දී ඇති අතර අළුතින් විහාරස්ථානයේ සිදු කොට ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් නෛතික අයිතියක් ලබා ගන්නා ලෙසටද නියෝග කොට තිබේ.
මේ නියෝගයන් නිසා මීට පෙර මුලතිව් අධිකරණයෙන් නිකුත් කොට තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කෙරෙන නියෝගය බල රහිත කොට අවසන් කොට තිබේ.







