හෙට (20) පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම වෙත ඡන්දය ලබා දීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මේ බව මාධ්‍යයට නිවේදනය කළේය.
අවසාන පැය කිහිපය ගතවනතුරු තමන්ගේ තීරණය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව මින් පෙර දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබිණි.