ජනාධිපතිවරණයේ දී මෙතෙක් කිසිවෙකුට ඡන්දය ලබා නොදෙන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ස්ථාවරය වෙනස් කරමින් ඩලස් අලහප්පෙරුම වෙත ස්වකීය ඡන්දය භාවිතා කිරීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අද සවස ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.
මෙම තීන්දුව ප්‍රකාශ වන්නේ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමක් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය ලබා දීමට එකඟ වී සිටින බවට තොරතුරු පලවෙද්දී ය.