අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් වික්‍රමසිංහ… ඔබේ උත්සාහ නීචයි… කතෝලික සභාව නිවේදනය කරයි….

පාස්කු ප්‍රහාරයේ වේදනාව, ලේ, කඳුළු සහ සාධාරණය ඉල්ලන වින්දිතයින්ගේ අපේක්ෂා මතින් යළි බලය ගන්න හිතන්න එපා....

by editor
ජූලි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

හෙට පාර්ලිමේන්තුව තුළ ජනාධිපති ධුරය සඳහා තරග වදින වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ ලේ සහ කඳුළු මතින් යළිත් දේශපාලන බලය අත්පත් කර ගැනීමේ නීච උත්සාහයක නිරත වන බවත් එම උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්  කතෝලික සභාව අද නිවේදනය කළේය.  

ජනතාවට  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා මිලදී ගත නොහැකිව හෙම්බත් වී සිටින, පෝලිම්වල වෙහෙසට පත් වී සිටින වටපිටාවක දී   කතෝලික සභාවත්   පාස්කු ප්‍රහාරයට යුක්තිය දිනා ගැනීම  වෙනුවෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමට තීරණය කර තබිය දී     ටි  අද වැඩ බලන ජනාධිපතිවරයා හිටිවනම අද  ප්‍රකාශයක් කරමින් “ පාස්කු ප්‍රහාරයට අපක්ෂපාතී සාධාරණ තීරණයක් ලබා ගැනීම සඳහා   අන්තර්ජාතික සහයෝගය ලබා ගන්නා“ බවට  කළ ප්‍රකාශය නින්දා සහගත දේශපාලන ප්‍රකාශයක් බව ද එම සභාව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව කතෝලික සභාව වෙනුවෙන් ප්‍රකාශයක් කළ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා මෙසේ ද පැවසීය.

“ජනාදිපති අපේක්ෂකත්වයට නාම යෝජනා දුන්  වැඩබලන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් පැවැත්වෙන තීරණාත්මක අවස්තාවේ දී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු ඉවර කරන්න අවශ්‍යයිය කියන කතාව කීවා. ඒ  ප්‍රකාශය  පසුපස ජනාධිපතිවරයා ලෙස තමන් පත්වීමට අවශ්‍ය යම් කිසි තල්ලුවක් ලබා ගන්න ඇති උත්සාහයක් පිළිබඳ අපට හැඟෙනවා.“

එදා වගේම අදත් දේශපාලකයෙක්  පාස්කු ප්‍රහාරය තමන්ට බලයට පැමිණීම සඳහා පාවිච්චි කිරීමේ නීච උත්සාහයක් දැරුවා කියන එකයි අපේ අදහස.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“මොකද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටිය දී තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුනේ. එවක ඔහු නිකම්ම අග්‍රාමාත්‍යවරයා නොවෙයි. 19 වැනි ව්‍යවස්ථා  සංශෝධනයෙන් බොහෝ බලතල පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා සතුව තිබූ අවස්ථාවෙයි පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ.  ඔහු පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මාස හතක් බලයේ සිටියා. එහෙම ඉන්න කාලෙ නොකරපු දෙයක් ගැන අද රනිල් වික්‍රමසිංහ කථා කරනවා.“

මාස හතක් තිස්සෙ   බලතල සහිත  අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහට පුලුවන්කම තිබුණා පාස්කු ප්‍රහාරයේ විමර්ශන සඳහා  ඒ කාලයේ දීම ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසියට ගිහින් ජාත්‍යාන්තර සහයෝගය ලබා ගන්න.  ජාත්‍යාන්තර පොලිසියෙ සහයෝගය ලබා ගන්න. ජාත්‍යාන්තර පරීක්ෂණයක් කරන්න. නමුත් ඒ කාලයෙ ඔහු ඒක කළේ නෑ.

නමුත් දැන් ඔහු කියනවා මේක විදේශීය පරීක්ෂණ කණ්ඩායමක් මගින් ස්වාධීනවමේ පරීක්ෂණය කරන්න ඕන කියලා.

අපට මේ සම්බන්ධව විශ්වාසයක් නෑ. මේක හුදු රැවටීමක්. මේක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ටත් පාස්කු ප්‍රහාරයට සාධාරණය හා යුක්තිය අපේක්ෂා කළ අපි හැමදෙනාටමත් කළ නිග්‍රහයක්.

ඔහු මේ මැරිචච් මිනිස්සුන්ගේ ලේ මතින්, මේ මැරිච්චි මිනිස්සුන් සහ  ඉන් පීඩාවට පත්  වූ මිනිස්සුන්ගේ දුක් වේදනාව සහ කඳුළු මතින්   මීට සාධාරණත්වය ඉල්ලා මේ තරම් කාලයක් අරගලයක යෙදුනු කතෝලික හා අන්‍ය ආගමික ජනතාවගේ ප්‍රාර්ථනා මතින්   ජනාධිපති බලය ලබා ගන්න කරන උත්සාහයක්. මේක රැවටීමක් හැටියට  අපි සලකන්නෙ.

තවදුරටත් මේ ඔස්සේ ජානතාව රවට්ටන්න උත්සාහ කරන්න එපා. අපි කවුරුවත් දේශපාලකයන්ගේ වංචාකාරී රැවටිලිකාරී උත්සාහයන්ට තව දුරටත් රැවටෙන්නෙ නෑ.

එම ප්‍රකාශය පහත දැක්වේ…

&;

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් අනිද්දා විවෘත නොවේ… යළිත් වැසේ…

Next Post

ශ්‍රී.ල.නි.ප සහය ඩලස්ට….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.