දිනසේන රතුගමගේ –
යාපනයේ සිට කැනඩාවට ගොස් සිටින දෙමළ ජාතික තරුණයෙකු මහල් නිවසකින් බිමට පැන 16 දා සිය දිවි හානි කරගෙන තිබේ.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ යාපනයේ වැල්වෙට්ටිතුරේ තිරුවිල් ප්‍රදේශයේ පදිංචි රඝුපති ආනන්ද් නමැති 31 හැවිරිදි තරුණයෙකි.
යාපනයේ වඩමරච්චි ප්‍රදේශයේ පදිංචි මොහු කැනඩාවේ කාන්තාවක් සමග එම මහල් නිවසේ එකට ජීවත් වී ඇති අතර පවුලේ ඇති වූ ආරවුලක් මත කාන්තාව මහල් නිවාසයෙන් බිමට තල්ලු කොට ඔහුද ඉන් පැන සිය දිවි හානි කරගැනීමට උත්සාහ කොට තිබේ.
නමුත් කාන්තාව තල්ලු කළ අවස්ථාවේදී ඇය ඉහල මලයේ බැල්කනියේ වැටක සිර වී ඇති අතර තරුණයා පමණක් බිමට වැටී තිබේ.
මහල් නිවසින් බිමට වැටුණු ඔහුගේ මළ සිරුර මහල් නිවාසයේ මිදුලක තිබී හමු වී කැනඩා පොලීසිය විසින් රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







