ශ්‍රී ලංකාවේ පොලිසිය කෙතරම් පිරිහී ඇත්ද යන්න ඊයේ සිදුවූ සිදුවීම් තුනකින් පැහැදිලිවන බව නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් පෙන්වා දෙයි.
ඉන් පළමුවැන්න නම්, විරෝධතා පුවරු අතැතිව ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට පොලිසිය විසින් පහර දී, හිරිහැර කර, අත්අඩංගුවට ගැනීම බව සභාපතිවරයා කියයි.
දෙවැන්න නම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කාන්තා පොලිස් නිලධාරිනියකගේ ගෙලෙන් අල්ලාගෙන සිටින ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමයි.
තෙවැන්න ජ්‍යෙෂ්ඨ නීතීඥවරියක් ඇයගේ මිතුරියකගේ සහායකයා ලඟ ජාතික හැඳුනුම්පත නොමැති වීම නිසා පොලිසිය විසින් රැගෙන ගිය බවට මා අමතා පැවසූ කාවය.
“මේ මනුස්සයව පොලිසියේ හිරකරගෙන ඉන්නවා. පොලිස් ම්ලේච්ඡත්වය දිගටම පවතින්නේ ඔවුන් සමඟ කටයුතු කිරීමට බලය සහ බලය ඇති අයගේ අසාර්ථකත්වය සහ උදාසීන ආකල්පය නිසා. මොන නින්දාවක් ද.“
නීතිඥ සංගමයේ සභාපතිවරයා අසයි.








