හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් හි අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර තිබේ.
හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් වෙනුවට අනුප්‍රාප්තිකයෙක් සොයා ගන්නා තුරු ඉදිරි සංචාර දෙකක් සඳහා අවධානය යොමු කරමින් සනත් ජයසුරිය අන්තර්කාලීන ප්‍රධාන පුහුණු කරු ලෙස නම් කර ස්ථීර ප්‍රධාන පුහුණුකරු සෙවීම දිගටම සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ක්ෂණික අවධානය යොමු වනු ඇත්තේ ඉන්දියාවට එරෙහිව එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් තරග හයකින් සමන්විත සීමිත ඕවර තරගාවලිය සහ ඉන් අනතුරුව එංගලන්තයේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පිළිබඳව ය.
පසුගිය දෙසැම්බරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන “ක්‍රිකට් උපදේශක” ලෙස පත් වූ දා සිට, ජයසූරිය ඛෙත්තාරාම හි ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් යන දෙඅංශයේම අධීක්‍ෂණයට ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටියේය.







