ශ්‍රී ලංකාවේ විශාලම විද්වත් සාමුහිකයවන සමගි බුද්ධි මණ්ඩපයේ 2024 ජාතික සම්මේලනය සහ ප්‍රතිපත්ති සංවාද සභාව රට ගොඩනගන නුවණ තේමාව යටතේ ඊයේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්විනි.
සමුළුවේ අරමුණ වූයේ ශ්‍රි ලංකාව යළි ගොඩනැගීම සඳහ විද්‍යාත්මක සහ ප්‍රයෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම හා සැලසුම් කිරීමය. ඒ සඳහා තම සහය සමගි ජන බලවේගයට වෙත ලබා දීමට මෙරට සියලු රාජ්‍ය සහ පුද්ගලික විශවිද්‍යාල නියෝජනය කරන විශාල විද්වත් බුද්ධි සාමුහිකයකය වන සමගි බුද්ධි සාමුහිකය ප්‍රතිඥා දී තිබේ.
රැස්වීමට පැමිණි පිරිස පිළිගත්තේ මුඛ ව්‍යාධි විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති උපුල් බී දිසානායක විසිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමගි බුද්ධි මණ්ඩපයේ සභාපති ජේ.එම්.ආනන්ද ජයවික්‍රම විසින් සංවිධානයේ ඉලක්ක අරමුණු සහ ප්‍රගතිය පිළිබඳව සභාව දැනුම්වත් කළේය.විදේශීය ආරාධිත කථිකයන් දෙදෙනෙක්වන, ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා සහ මහාචාර්ය තිලක් අබේසිංහ සිය දේශන පැවැත්වූහ. ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා (ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ භූතානය යන රටවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා ය. ශ්‍රි ලාංකිකයෙක් වුව ද මහාචාර්ය තිලක් අබේසිංහ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ දකුනු ආසියානු අධ්‍යයන ආයතනයේ අනුබද්ධි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහකාර වරයෙකි.ආචාර්ය භල්ලා ශ්‍රී ලංකාවට මාර්ගෝපදේශ රැසක් සොයා ගත හැකි ඉන්දියාවේ සාර්ථකත්වයේ කථාව කීවේය. මහාචාර්ය තිලක් අබේසිංහ සිංගප්පූරුවේ අත්දැකීම ලංකාවට සාර්ථකත්වය ලබා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම සිදුකරන ආකාරය ගැන කීවේය.
මහාචාර්ය උපුල් අබේරත්න, ආචාර්ය නේවිස් මොරායිස්, මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර, මහාචාර්ය ඒ.සර්ජුන්, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය එස්. භාස්කරන්, ආචාර්ය ශ්‍රියානි ගුණරත්න, ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ මහාචාර්ය ගීතානි බුලන්කුලම මෙම සංවාදයට එක් වී සිටියහ.